ලංකාවට හඬන්න හිතෙන,මාල දිවයින බබලන අලී ගේ දස්කම්

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 15, කොළඹ (LNW): අද ඔලිමිපික් සුදුසුකම් සඳහා නේපාලයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙක් සහ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනෙක් තරග වඳියි.ඇත්තටම ශ්‍රී ලංකාව අවාසනාවන්ත නොවුණිනම් මාල දිවයින නියෝජනය කරන්නේ ද ශ්‍රී ලංකාවේ ඉපදුණු සහ ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට කැමත්තෙන් සිටි ක්‍රීඩිකාවක්ය.ඇය මාල දිවයින නියෝජනය කරන ෆාතිමාත් ඩීමා අලි ය.


ඇය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තායිලන්තයේ සංචාරය කරන විට මාධ්‍යයට ලැබුණු වාර්තාවල සඳහන් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ලාබාලතම සාමාජිකාව හැටියටය.ඒත් හිටපු හැටියේ ඇය සම්බන්ධයෙන් පෙත්සම් දයාසිරි ජයසේකරගේ මේසය මත ගොඩ නැඟෙන්නට වූ හැටි අපට මතකය.ඒ ඇයගේ මාල දිවයින සම්භවය ගැන සහ පුහුණුකරුට දොස් පවරමින්ය.කෙසේ හෝ කේෂ්ත්‍රයෙන් ආ බලවත් විරෝධය නිසා අමාත්‍යවරයාට අකමැත්තෙන් හෝ ඩීමා ක්‍රීඩා කරවන වැඩේට තිත තබන්නට සිඳු වූවාය.


එසේ අහිමි කර ගත් ඩීමා අනතුරුව ශ්‍රී ලංකාවේ ඉගෙන ගනිමින්ම මාල දිවයින නියෝජනය කරන්නට පටන් ගත්තාය.පුහුණුකරු ලෙස ඇයගේ ලාංකේය පුහුණුකරු යටතේම මාල දිවයින නියෝජනය කරමින් ඇය සිය දක්ෂතාවයන් වඩවා ගත්තාය.මේ කුඩා ක්‍රීඩිකාවගේ හැකියාවන් දුටු ඔලිමිපික් ආයතනය ඇයට ජාත්‍යන්තර පුහුණුවක් දෙන්නට තීරණය කළාය.


දැන් ඇය පුහුණුව ලබන්නේ ක්‍රොඒෂියාවේ ය.පුහුණුකරු වූ රොහාන් සිරිසේන 2022 දක්වාම ඇයගේ පුහුණුකරුව සිටි අතර රොහාන් ඉන්නේ දැන් ඇමෙරිකාවේය.ඩීමා තවම ලංකාවේ ඉගෙනුම ලබන්නේදැයි හරියටම දන්නේ නැත.ඇය ඉගෙනුම ලබමින් සිටියේ රෝයල් ඉන්ස්ටියුට් ජාත්‍යන්තර පාසලේය.මාල දිවයිනේ විශාල දේපළක් ඇති ඩීමාගේ පියා සාමාන්‍ය ආකාරයට විටක් හපන ගැමි ලාංකිකයෙක් මෙන් කතා බහ කරන්නට කැමති අයෙක්ය.ඔහු සිංහල බස ද හසුරුවන්නට හුරු වූ අයෙක්ය.


ඉතා කැමත්තෙන් ඒ පියා මෙන්ම මව ද ශ්‍රී ලංකාවේ ඉපදුණු ඩීමා,ශ්‍රී ලංකාවේ ධජය යටතේ මෙරට නියෝජනය කරන්නට ආසාවෙන් සිටි බව ද,කුඩා කාලයේම ඒ සිහිනය සැබෑ කරමින් ඩීමා තායිලන්තයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යද්දී ඔවුන් දෙදෙනා සතුටු වූ බව ද අපි දනිමු.මේ වන විට ශ්‍රී ලංකාවට නෑකම් කියන ඉහළ දස්කම් දක්වන විදේශවල සිටින ලාංකිකයන් ගෙන එන්නට උත්සාහ කරන අතරේම පෙත්සම් වරුෂාවකින් වැසුණු ඩීමාට ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තිබුණු ඉඩ ගැන මේ සටහන තබන මොහොතේ එවකට ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි දයාසිරි ජයසේකරයන් ද සිහිපත් කළේ “අපරාදෙ ඒ ළමයට ගහන්න දුන්නෙ නැහැනෙ,දැන් හරිනෙ” යන වාක්‍ය දෙකෙන්ය.

හැම තැනකම දේශපාලකයා නොවන ඒ ඒ කේෂ්ත්‍රවල මුල් බැසගෙන තිබෙන කාලකණ්නි කුහකකම් ද ඒවායේ දියුණුවට හරස්වන බවට ඩීමාගේ දස්කම් ලංකාවට අහිමි වී මාල දිවයිනට හිමිවීමේ කතාව පිටුපස තිබෙන ඇත්තය.
ඒ හැරෙන්නට මේ කතාවේ තවත් අපූරු දෙයක් සැඟ වී ඇත.තව ස්වල්ප මොහොතකින් ඇරඹෙන සුදුසුකම් ලැබීමේ අවසාන පූර්ව තරගවලදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මාල දිවයිනෙන් පැමිණෙන ඩීමාට එරෙහිව තරග වඳින්නේ මේ මොහොතේ ශ්‍රී ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩිකාව වන ඉෂාරා මධුරංගි ය.ඇය ඩීමාගේ පුහුණුකරු රොහාන් සිරිසේනගේ බිරිඳ ය.
අපට මේ දහවල ගෙව්වද රැයේ සුව නින්දක ගෙවෙන රොහාන්ගේ ඇමෙරිකානු නින්දට බාධා කරන්නට නොහැකිය.එසේ හැකි විණිනම් මේ කතාවට ඔහුගේ වචන ද රසවත්ව එකතු වනු ඇත.එහෙත් සිය බිරිඳගේ වයසින් අඩක් පමණ වන තමන් දරුවෙක් සේ මාල දිවයිනට ගොස් පවා බලා ගත් යොවුන් ක්‍රීඩිකාව ඔලිම්පික් සුදුසුකම් ලැබීමට එකට ගැටෙන මොහොතේ ඔහු තරම් කවුරු දිනුවත් මරු කියා සතුටු විය හැකි කෙනෙක් නැති වෙන්නට පුළුවන්ය.අපි ඒ නිසා මේ සටහනට අද තරග වඳින ඩීමා අලි,ඉෂාරා සහ රොහාන් එකට සිටින ඡායාර්රූපයක් එකතු කරන්නට තීරණය කළෙමු.

පරණ වුව ඡායාරූපය රොහාන්ට එයින් හමන ජයග්‍රාහී සුවඳ අලුත් විදිහට දැනෙනු ඇත.අපි ඉෂාරාට මෙන්ම ලංකාවේ වරදින් ලංකාව අහිමි කර ගත් අලී ට ද සුබ පතමු!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාර්ල්ස් රජුගේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මුහම්මද් යූනුස් “Harmony Award 2025” සම්මානයෙන් පිදුම් ලබයි!

සටහන – පුලීජූනි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ...

හෙට දකින උළෙලක අදට වඩා වටිනාකමක් දී දැකිය යුතු ප්‍රතිපල

නිශ්මං රණසිංහ ජුනි 16, කොළඹ LNW: මීටර් 400 කඩුලු ඉසව්ව...

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...