බේස්බෝල් සූරතාවය යුද හමුදාවට

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 16, කොළඹ (LNW): ශ්‍රී ලංකා ජාතික බේස්බෝල් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ සුපර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයේදී නාවික හමුදාව පරාජය කරමින් ලකුණු 4 – 3 ලෙස ජයගනු ලැබුවේ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමයි. හෝමාගම දියගම ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව බේස් බෝල් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගාවලියේදී තෙවන ස්ථානය දිනා ගත්තේ රෝයල් බ්ලූස් කණ්ඩායම පරාජයට පත් කරමින් රණබිම ක්‍රීඩා සමාජයයි.

මෙම තරගාවලියේ විශේෂ දක්ෂතා බෙදී ගියේ පහත පරිදිය.
Best Batter (දක්ෂතම පිතිකරු) – නිරෝෂන් ශ්‍රියාරත්න (යුද හමුදාව)
Best Pitcher( දක්ෂතම පන්දු යවන්නා) – යසරුවන් කළුආරච්චි (නාවික හමුදාව)
Best fielder (දක්ෂතම පන්දු රකින්නා) – Y.T.පුෂ්පකුමාර (නාවික හමුදාව)
Most valuable player (තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා) – ඉරේෂ් කෝසල ( යුද හමුදාව)

තරගාවලියේ ප්‍රධාන ආරාධිතයන් ලෙස ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති Gozalez Garrido මහතා සහ chelcy holdings සමාගමේ අධිපති වෛද්‍ය හර්ෂ ගමගේ මහතා ද සහභාගි විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා බේස්බෝල් සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී තීක්ෂණ ගම්මන්පිල, ලේකම් මාක් ෆොන්සේකා,මනෝජ් ප්‍රනාන්දු,රජිත් රත්නායක,සුභාශ් ගුණසිංහ, සුගත් රත්නායක, චතුරංග රණසිංහ යන නිලධාරීන් ද සහභාගි විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් සභා ? එහෙම එකක් ඕනෙ නැහැනෙ – පළාත් සභා මැතිවරණය නොපවත්වන බවට නියෝජ්‍ය ඇමති රත්නගෙන් ප්‍රකාශයක් ?

පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම අනවශ්‍ය බවත් ඒවා දැනට පවතින...

රනිල් මහින්ද සහ ලොහාන් …

බීබීසියේ සරෝජ් පතිරණ මම ලොහාන් රත්වත්තේ ගැන ලියපු පෝස්ට්...

නියෝජ්‍ය ඇමතිලාට විශ්වාසභංග දැම්මාට වැඩක් නෑ, මන්ත්‍රී කෙනෙකුට දැම්මා වගේ තමා – ඇමති වසන්ත

ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව විපක්ෂය විශ්වාසභංග...