22වනදායින්  පසු රජයේ රෝහල් කටයුතු අඬාල වන ලකුණු!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 17, කොළඹ (LNW): ලබන 22වනදායින්  පසු රජයේ සියලුම රෝහල්වල ඒකාබද්ධ වැඩ වර්ජනයක් සිදුකර බව සෞඛ්‍ය වෘත්තීය සමිති සංගමය පවසයි. සිය ඉල්ලීම්වලට මෙතෙක් විසඳුම් නොලැබීම හේතුවෙන් මෙලෙස දැඩි වර්ජනයට යොමු වන බව ද පවසයි.

20වන දින ඌව පළාතේ සහ 21වන දින බස්නාහිර පළාත තුළද පළාත් මට්ටමෙන් වර්ජන ක්‍රියාමාර්ගයේ නිරතවන බව එහි සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම කියයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය අප්‍රේල් මස 03 වනදා පැවැත් වූ සාකච්ඡාවේදී ඇතිකල එකඟතාවයන් ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීම සහ එම එකඟතාවයන් ක්‍රියාත්මක කිරීමේදී 15කට අධික සෞඛ්‍ය කාර්ය මණ්ඩල ප්‍රමාණයක් ඉවත් කොට චක්‍රලේඛ නිකුත් කිරීම හේතුවෙන් ඔවුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ අතර, පසුගියදා එම වෘත්තීය ක්‍රියාමාර්ගය උතුරු මැද පළාතෙන්  ආරම්භ කළ බවද සෞඛ්‍ය වෘත්තීය සමිති සංගමයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම වැඩිදුරටත් කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...

ADB වෙතින් මහවැලියට ඩො.මි. 200ක ණය පහසුකමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 ,කොළඹ LNW : මහවැලි ගඟේ අතිරික්ත...

චීනයේ ඉහළම වාර්ෂික ආර්ථික කාර්ය සැසිවාරය චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:චීනයේ මධ්‍යම ආර්ථික කාර්ය සැසිවාරය දින දෙකක් පුරා...