මට කුඩම්මාගේ සැළකිලි – දොලවත්තගෙන් පාර්ලිමේන්තුවට දුක්ගැනවිල්ලක් !

Date:

ආණ්ඩු පක්ෂය තුළින්ම තමන්ට කුඩම්මාගේ සැළකිලි දක්වන බව කොළඹ දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා පවසනවා. ආණ්ඩුවේ පසුපෙළ නියෝජනය කරන තමාට පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමේ සාකච්ඡාවලට සහභාගිවීමට හෝ අවස්ථාව ලබා නොදෙන බවයි මන්ත්‍රීවරයා කියා සිටින්නේ.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ 11 කණ්ඩායමේ සාකච්ඡා සහභාගි වූ බව කියමින් මෙසේ තමන්ට අඩු සැළකිලි දක්වන බව පෙන්වා දෙන දොලවත්ත මහතා පවසන්නේ එම චෝදනාවේ කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි.

2015 මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයෙන් පසුව රාජපක්ෂ මහතාගේ මැතිවරණ කාර්යාලය වෙනුවෙන් පෙනී සිටි පස්දෙනාගෙන් එක් අයෙකු වන තමාට මෙවැනි අඩු සැළකිල්ලක් දැක්වීම කිසිසේත්ම සුදුසු නොවන බවත්, පරාජයේදීත් මහින්ද රාජපක්ෂ මහතා අතහැර නොසිටි පුද්ගලයෙකු ලෙස තමාට එම වටිනාකම හිමිවිය යුතු බවත් ඔහු සඳහන් කරනවා.

කුමන පාර්ශ්වයක් නියෝජනය කළද තමා හෘදසාක්ෂියට අනුව කටයුතු කරන බවත්, පක්ෂ 11 කණ්ඩායම පැවැත්වූ හරිමග රැස්වීම සඳහා සහභාගි වූ බවත් ඔහු පවසනවා. එය කිසිසේත්ම වැරදි ක්‍රියාවක් ලෙස සැළකිය නොහැකි බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විශ්මි,ඉමේෂා සහ ඉනෝෂි එක්ව අළු පාට ජය පාටට හරවති

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: කාන්තා විස්සයි ජාතික ලීග්...

පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : ප්‍රවාහන අමාත්‍යංශයද මැදිහත්වීමෙන්,...

ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදාව සීරුවෙන් බව ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති...

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...