ත්‍රිත්ව ඝාතනයක් සිදුකර පලායන සැකකරුවෙකු අත්අඩංගුවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 19, කොළඹ (LNW): අද(19) අළුයම 2.00ට පමණ, නාල්ල පොලිස් ස්ථානයේ පොලිස් සැරයන් 33008 පතිරන ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් එම වසමේ රාත්‍රි ⁣මෙහෙයුම් රාජකාරි යෙදී සිටියදී සැකකටයුතු ලෙස පාපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු නවතා පරීක්ෂා කිරීම හේතුවෙන් නාල්ල පොලිස් වසමේ ත්‍රිත්ව ඝාතනයක් සිදුකර පලායන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙන බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරු අළුයම සැකසහිත පුද්ගලයෙකු පාපැදියකින් ගමන් කරමින් සිටීම හේතුවෙන් රාත්‍රි මෙහෙයුම් රාජකාරි යෙදීසිටි නිළධාරීන් විසින් පරීක්ෂා කර ඇති අතර, සැකකරු ඇද සිටි කමිසයේද ලේ පැල්ලම් වැනි යමක් නිළධාරීන් දැක ඇති අතර සැකකරු ගේ බැගයක තිබී මුදල් 255,620/= ක්, රන්මාල 01ක්, අත්මුදු 02 ක් සහ පිහියක් ඇතුළු භාණ්ඩ තිබී හමුව තිබෙන බව පැවසේ.

විමර්ශන නිළධාරීන් විසින් සැකකරුගේ බැගයේ තිබී සොයාගත් 2002 වර්ෂයේ දේශපාලන පක්ෂයක සාමාජිකත්වය ලබාගත් බව සදහන් කාඩ් පතක් සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රශ්න කර නිළධාරීන් සැකකරු ද සමගින් එම ලිපිනයේ සදහන් නිවසට ගොස් ඇති අතර, එහිදී නිවසේ සිටි පුද්ගලයන් තිදෙනෙකු ඝාතනය කර තිබෙන අයුරු දැක ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරු නො. 168, බංගදෙනිය,හලාවත ලිපිනයේ පදිංචි සමරතුංග විතානගේ රොෂාන් සමරතුංග නැමැති වයස අවුරුදු 42 හැවිරිදි පුද්ගලයකු වන අතර, වැඩිදුර විමර්ශන කටයුතු නාල්ල පොලිස් ස්ථානය මගින් සිදුකරනු ලබන බව සඳහන් වේ.

පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි දිවයින පුරා පොලිස් වසම් වල ක්‍රියාත්මක අපරාධ වැළැක්වීමේ මෙහෙයුම් දියත් කිරීම හේතුවෙන් ප්‍රදේශ වල අපරාධ රැසක් වලක්වා ගැනීමට හැකිව තිබෙන බවත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලද සැනින් පොලිස්පතිවරයා විසින් අත්අඩංගුවට ගැනීම සිදුකල පොලිස් සැරයන්වරයා වෙත දුරකථන ඇමතුමක් ගෙන ප්‍රසංසා කර සුවිශේෂී අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් ඉදිරියේදී නිළධාරීන් හට මුදල් ත්‍යාග ලබාදෙන බවටද ප්‍රකාශ කර තිබෙන බව පවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...

අල්ලස් කොමිසමෙන් නඩු වැටෙන පළමු මාලිමා ඇමති – ඉංජිනේරු කුමාර ජයකොඩි

ජාතික ජන බලවේගයේ අමාත්‍යවරයෙකු එරෙහිව අල්ලස් නඩුවක්. 2015 වසරේ පොහොර...

කාශ්මීරයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව අඛණ්ඩව ඉහළට!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වන විට...

අදින් අවසන් වන GEM CITY ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: GEM CITY ජාත්‍යන්තර මැණික්...