බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා. මම, මනෝ, රාධාක්‍රිෂ්ණන්, හකීම්, බදූර්දීන් අපි කවුරුත් සජබ දාලා යන්නේ නෑ – දිගම්බරන්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මැතිවරණ ආසන්න වෙද්දී ආණ්ඩු පක්ෂයේ පිරිස් සමගි ජන බලවේගයෙන් 15 – 20 ක් ආණ්ඩුවට එකතු වන බවට අසත්‍ය ප්‍රචාර කොතෙක් සිදු කළත් කිසිවෙකුත් සජබ අත්හැර ආණ්ඩුවට නොයන්නේය යන්න ස්ථිර බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන් මහතා අවධාරණය කරයි.

“මේ සජබ හතර පස්දෙනෙක් ඉන්නවා රනිල් – සජිත් එකතු වෙන්න ඕනෙ කියන මතයේ. ඒ මතයේ ඉන්නවා මිසක් ඒගොල්ලෝ යන්න නෙවෙයි ඉන්නෙ. ඔය බොරු ප්‍රචාර ගෙනියනවා 15ක් යනවා, 20ක් යනවා කියලා. මම දන්නවා කවුරුත් යන්නෙ නෑ කියලා. මම යන්නෙ නෑ, මනෝ ගනේෂන් යන්නෙ නෑ, රාධාක්‍රිෂ්ණන් යන්නෙ නෑ, රවුෆ් හකීම් යන්නෙ නෑ, රිෂාඩ් බදූර්දීන් යන්නෙ නෑ. මම දන්නවා, ඒගොල්ලො අපිත් එක්ක සාකච්ඡා කරනවා. අපි කවුරුත් යන්නෙ නෑ. අපි ඔක්කොම සජිත් එක්ක ඉන්නෙ. සජබෙත් එක්ක ඉන්නෙ. මෙහෙමනෙ, මැතිවරණ කාලෙට බොරු කියනවා අවුරුද්දට පස්සෙ එනවා, පෝය දවසට පස්සෙ එනවා, මැයි දිනේට නගිනවා කිව්වා, කවුරුත් ගියෙ නෑ. මම කියන්නෙ එහෙම දෙන්නෙක් තුන්දෙනෙක් ගියොත් ඒගොල්ලන්ට දේශපාලන අනාගතයක් නැතිවෙලා යනවා. ඔක්කොම දන්නවා දැන් සජිත් දිනනවා කියලා. දිනන පැත්තෙ තමයි කවුරුත් ඉන්නෙ. දැන් ඇත්තටම ජනාධිපතිතුමාට තවම පෙන්නන්න බෑ දිනන විදිහක්. ඒක නිසා කවුරුත් යන්නෙ නෑ, ගිහිල්ලා පරදින්න කවුද යන්නෙ ? දැන් අවුරුදු පහක් විපක්ෂයේ හිටියා, එහෙට ගිහිල්ලා ආයෙ අවුරුදු පහක් විපක්ෂයේ ඉන්නද ? ඒක නිසා කවුරුත් යන්නෙ නෑ. මං දන්නවා අනිවාර්යයෙන්ම ඊළඟ මැතිවරණය සජබ නායකයා සජිත් ප්‍රේමදාස දිනනවා කියලා. ඒක විතරක් මම හරියටම දන්නවා”

පලනි දිගම්බරන් මහතා මේ බව පැවසුවේ පෙරේදා (19) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

සජිත් ප්‍රේමදාස මහතාට ජනතා විමුක්ති පෙරමුණෙන් හෝ ජාතික ජන බලවේගයෙන් ඔය කියන තරම් අභියෝගයක් නොමැති බව පැවසූ දිගම්බරන් මහතා සුළු පක්ෂවල සියලු දෙනාම සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතා සමග බවත් පෙන්වා දුන්නේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...