දැඩි සුලගකින් අධි බලැති විදුලි රැහන් පද්ධතියකට හානි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 22, කොළඹ (LNW): කොත්මලේ සිට නාවලපිටිය දක්වා ඇද ඇති අධි බලැති විදුලි රැහන් පද්ධතියක් මතට ගස් කඩා වැටිමෙන් එම අධි බලැති විදුලි රැහන් පද්ධතිය කණුව සමග කඩා වැටිමෙන් ප්‍රදේශ රැසකට විදුලි බලය ඇණ හිට ඇති බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළ අතර, මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් හරහා හමා ගිය දැඩි සුලගකින් මෙම හානිය සිදුව ඇත.

විදුලි බල මණ්ඩලයේ නිලධාරියෙකු කියා සිටියේ, නාවලපිටිය තලවකැලේ ප්‍රධාන මාර්ගයේ ඉඹුල්පිටිය ප්‍රදේශයෙන් අධි බලැති විදුලි රැහන් පද්ධතියට ගස් කඩා වැටි ඇති බවත්, ඒ හේතුවෙන් නාවලපිටිය ඇතුළු ප්‍රදේශ රැසක විදුලි බලය ඇණ හිට ඇති බවයි.

හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ, ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය , කැනියොන් , විමලසුරෙන්ද්‍ර යන ජල විදුලි බලාගාර වල සිට ඇද ඇති අධි බලැති විදුලි රැහන් පද්ධති වලට ස්ථාන කිහිපයකින් ගස් සහ අතු කඩා වැටිමෙන් හැටන් , බගවන්තලාව , මස්කෙලිය , ගිනිගත්හේන , නෝටන්බ්‍රිජ් ඇතුළු ප්‍රදේශ රැසකට අද දින පස්වරුවේ සිට විදුලි බලය ඇණ හිට ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...