කාලගුණය අයහපත්,තද සුළං සහ මුහුදු රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 23, කොළඹ (LNW): අද (23) රාත්‍රී 10.30 දක්වා බලපැවැත්වෙන පරිදි. තද සුළං සහ මුහුදු රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

ධීවර සහ නාවික ප්‍රජාවන්ට වඩාත් සැලකිලිමත් වන ලෙසත් හෙට (24) වන විට පහළ වායුගෝලයේ පැවති කැලඹිලි ස්වභාවය බෙංගාල බොක්කෙහි මධ්‍යම ප්‍රදේශය හරහා පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇතැයි ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිනිකොණදිග අරාබි මුහුද සහ නිරිතදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිත ගැඹුරු මුහුදු ප්‍රදේශවල ක්‍රියා කරන ධීවර සහ නාවික ප්‍රජාවන්ට අදාළ රතු නිවේදනය නිකුත් කර තිබේ.

දිවයින වටා මුහුදු ප්‍රදේශවලත් ගිනිකොණදිග අරාබි සහ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවලත් ඉතා තද සුළං පැ.කි.මී 60 – 70 දක්වා ඇති විය හැකි අතර මුහුද ඉතා රළු විය හැකි බව දැනුම් දෙයි.