තායිවානයේ නව ජනාධිපතිවරයාගේ සමාරම්භක කතාවෙන් පසු චීනය තායිවානය වටා හමුදා අභ්‍යාස ආරම්භ කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 23,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : තායිවානයේ නව ජනාධිපති ලායි චිං-ටේගේ මංගල කතාවෙන් අනතුරුව චීනය තායිවානය අවට හමුදා අභ්‍යාස ආරම්භ කර ඇති බව වාර්තා වේ.

කෝපයට පත් චීනය මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, තායිවානය වටා දඬුවම් අභ්‍යාස දියත් කළේ සමුද්‍ර සන්ධියේ දෙපැත්ත එකිනෙකාට යටත් නොවන බවට නව ජනාධිපතිවරයා විසින් කරන ලද ප්‍රකාශය හේතුවෙන් වන බවයි. මෙම ප්‍රකාශය චීනය හෙලා දුටු අතර ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වන තායිවානය තමන්ගේම භූමියක් ලෙස සලකන අතර නව ජනාධිපතිවරයා බෙදුම්වාදියෙකු ලෙස හඳුන්වා තිබේ.

ලායි චීනය සමඟ සාකච්ඡා කිරීමට නැවත නැවතත් ඉදිරිපත් වූ නමුත් චීනය විසින් එය ප්‍රතික්ෂේප කර තිබේ.

තායිවාන් සමුද්‍ර සන්ධිය, උතුර, දකුණ සහ නැගෙනහිර තායිවානයේ මෙන්ම තායිවානය පාලනය කරන කින්මෙන්, මැට්සු, වුකියු සහ ඩොංගින් දූපත් ආශ්‍රිත ප්‍රදේශවල මෙම අභ්‍යාස පැවැත්වෙන අතර චීන මහජන විමුක්ති හමුදාව (PLA) ප්‍රකශ කර තිබුණේ, එය තායිවානය අවට ප්‍රදේශවල පෙරවරු 7:45 ට (GMT 2345) හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ රොකට් බලකාය ඇතුළත් ඒකාබද්ධ හමුදා අභ්‍යාස ආරම්භ කළ බවයි.

මේ සම්බන්ධයෙන් තායිලන්තයේ ජනාධිපති කාර්යාලය චීනයේ ඒකපාර්ශ්වික මිලිටරි ප්‍රකෝප කිරීම් දිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට සහ කලාපීය සාමයට සහ ස්ථාවරත්වයට තර්ජනයක් එල්ල කිරීම ගැන සිය කනගාටුව ප්‍රකාශ කර තිබූ අතර තායිවානයේ ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ චීන නාවික හමුදාවේ නෞකා 15ක්, වෙරළාරක්ෂක නෞකා 16ක් සහ ගුවන් යානා 33ක් සම්බන්ධ වූ නමුත් තායිවානයට ආසන්න කිසිදු ප්‍රදේශයක සජීවී ගිනි අභ්‍යාසයක් නොපැවැත්වූ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඛනිජ තෙල් ගබඩා ටැංකි 06ක් ඉදිකිරීම ඇරඹේ!

කොළඹ LNW:කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ, ඛනිජ තෙල් ගබඩා...

බීමත් රියදුරන් සහ අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17, කොළඹ LNW : ඊයේ (16) දිනයේ දිවයින...

ස්විස්ට්සර්ලන්ත – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ තවත් අදියරක්!

කොළඹ LNW: ස්විස්ට්සර්ලන්ත - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය...

ආණ්ඩුව පීචංද ?

කොටුව බස් ස්ටෑන්ඩ් එක නවීකරණය කරන උත්සවය වෙලාවේ ප්‍රසිඩන්ට්...