දඹුලු හිමිකරුගේ අත් අඩංගුවට පත්වීම එල්පීඑල් පැවත්වීමට බාධාවක් නොවේ – Innovative Production Group (අයිපීජී) සහතික වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 23, කොළඹ (LNW):දඹුල්ල තන්ඩර්ස් හිමිකරු තමීම් රෙහ්මාන් මෙන්ම හිටපු හිමිකරු විරංජිත් තාඹුගල ද දැන් සිටින්නේ අධිකරණය භාරයේ රිමාන්ඩ් සිරකරුවන් ලෙසය.තමීම් රෙහ්මාන් නම් උපතින් බංගලාදේශ වැසියෙක් වන වර්ථමානයේ එංගලන්තයේ ජිවත්වන අයෙකි.ඔහුව අත් අංඩංගුවට ගැනීම අයිසීසී විශේෂ ව්මර්ශන ඒකකය විසින් තරග පාවා දීම් සම්බන්ධව කළ එකක් වුව ද,හිටපු හිමිකරු විරංජිත් තාඹුගල එම හේතුව මතම ද,වෙනත් මූල්‍ය අක්‍රමිකතාවක් මත අත් අඩංගුවට ගත්තේ ද යන්න පැහිදිළි නැත.කෙසේ වුව මෙයින් එල්පීඑල් තරගාවලියට කිසිඳු හානියක් හෝ වෙනසක් සිඳු නොවන බව තරගාවලියේ ෆ්‍රැන්චයිස් අයිතීන්, ගෝලීය මාධ්‍ය අයිතීන්, භූමියේ අනුග්‍රාහකත්වය ඇතුළත් වන පරිදි 2020 – 2029 කාල වකවානුව සඳහා ලංකා ප්‍රිමියර් හි නිල අයිතිය දරන්නන් වන Innovative Production Group (අයිපීජී) සහතික කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති අයිපීජී සභාපති අනිල් මොහාන් පවසන්නේ “ක්‍රීඩා ලෝලීන්ට උසස් තත්ත්වයේ ක්‍රිකට් අත්දැකීමක් ලබාදෙමින් තරගාවලිය සැලසුම් කළ පරිදිම ඉදිරියට ගෙන යන බවට අපි සම්බන්ධ වූ සැමට සහතික වෙමු” යනුවෙන්ය. සාධාරණය සහ ක්‍රීඩාශීලිත්වය වර්ධනය කිරීමට කැප වූ ප්‍රමුඛතම ක්‍රිකට් ඉසව්වක් ලෙස ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ක්‍රීඩාව පවත්වාගෙන යන බවට ද මෙහිදී අනිල් මොහාන් එල්පීඑල් සමඟ සම්බන්ධ වී සිටින සියලු දෙනාට පොරොන්දු වී තිබෙනවා.

හරීන් ප්‍රනාන්දු 2019 දී අමාත්‍යවරයාව සිටියදී පාර්ලිමේන්තුවට ගෙන එන ක්‍රීඩාවට අදාළ නීතිමය කරුණු පදනම් කරගෙන,තරග පාවාදීම සම්බන්ධ චෝදනා අපරාධ චෝදනා සේ සළකා අත් අඩංගුවට ගැනීමට හැකි පළමු දකුණු ආසියාතික රට ශ්‍රී ලංකාව බවට පත් වී ඇති බව දඹුල්ල තන්ඩර්ස් හිමිකරු අත් අඩංගුවට පත්වීම උපුටා දක්වමින් ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය පවසා තිබෙනවා.එල්පීඑල් තරගාවලියේ කණ්ඩායම් හිමිකරුවෙක් ලෙස සම්බන්ධ වූ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තමීම් රෙහ්මාන් අත් අඩංගුවට පත් වීමට මෙම නීතිමය ප්‍රතිපාදන තිබීම ක්‍රීඩා අමාත්‍යංශය යටතේ පවතින විශේෂ විමර්ශන ඒකකය සමඟ සම්බන්ධවි වැඩ කිරීමට අයිසීසී විශේෂ විමර්ශන නිලධාරීන්ට සිය රාජකාරියට පහසුවක් වී තිබෙනවා.


වැදගත්ම දේ තමීම් රෙහ්මාන් අත් අඩංගුවට ගැනීම සඳහා හඹා ඒම දඹුල්ල කණ්ඩායමේ සිඳුවීමකටම අදාළ ද නැද්ද තහවුරු කර ගැනිමය. ICC දූෂණ විරෝධී ඒකකයේ නිලධාරීන් තමීම්ව ඉලක්ක කරගෙනම එල්පීඑල් වෙන්දේසියට පැමිණියේනම් එම කාරණා තමීම්ගේ ඉතිහාසය හා සම්බන්ධව තිබිය යුතුය.ඒ අනුව ඔහු තරග පාවාදීම් සම්බන්ධ සැක කිරීමට හේතු ඇති සහ ඒවා සම්බන්ධ කොතැනටද යන්න තවමත් අපැහැදිළිව තිබියදී ශ්‍රී ලංකා ක්‍රිකට් එල්පීඑල් තරගාවලියේ දඹුල්ල කණ්ඩායමේ භාරකාරත්වයෙන් තමීම් රෙහ්මාන්ට අයත් ඉම්පීරියල් ස්පෝර්ට්ස් සමූහය ඉවත් කිරීමට ගත් තීරණය හඳුන්වන්නේ LPL හි වටිනාකම් සහ කීර්තිය ආරක්ෂා කිරීම අරමුණු කර ගෙන ගත් එකක් හැටියට ය.


එහෙත් මෙහි අලුත් ප්‍රශ්නය මතු වන්නේ එහි පරණ හිමිකරු වූ විරංජිත් තාඹුගල ද අත් අඩංගුවට ගැනීමෙන්ය.ඒ අත් අඩංගුවට ගැනීමේ චෝදනාවලින් කියවෙන්නේ මූල්‍ය චෝදනා බවය.ඒවා ක්‍රිකට්වලට සම්බන්ධ ද නැද්ද යන්න තවමත් පැහැදිළි නැති හෙයින් තමීම් සහ විරංජිත් සබඳතාවයන් ගැන කරුණු කාරණා මතු කිරීමට නොහැකිය.


කෙසේ වුව ද දුමක් නැඟෙන්නට ගින්නක් තිබිය යුතුය.ඒ ගින්නට හේතුව මිස තරගාවලිය නිවා නොදමා පැවත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ඔවුන් වෙනුවෙන් එල්පීඑල් සංවිධායක මණ්ඩලයත්,නිල මෙහෙයුම් සහකරු ලෙස අයිපීජී ද ගන්නා වෙහෙස ද වැදගත්ය.ඒ අනුව සුපුරුදු කාල සටහනට අනුව ඒ ඒ කණ්ඩායම්වලට අයත් වන ක්‍රීඩකයින්ද සමඟ මෙම තරගාවලිය ඉදරියට ක්‍රියාත්මක වෙනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇත්තටම ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවරද?

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකය...

ලෝව ජීවත්වීමට සුදුසුම නගර ශ්‍රේණිගත කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකොනොමිස්ට් බුද්ධි ඒකකයේ...

ඇන්ජි…

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: ඇන්ජලෝ මැතිවිස් නික්ම යයි.ඒත්...

කොළඹ නියෝජ්‍ය නගරාධිපතිකම ඡන්දයක් නොතියාම දුන්නේ ඇයි ?

කොළඹ නගර සභාවේ මංගල සභාවාරය ඊයේ (16) පැවැත්වුණු අතර...