ගාසා තීරයට එරෙහි යුද්ධය නතර කරන්න – ඊශ්‍රායලයට ICJ වෙතින් නියෝගයක්!

Date:

කොළඹ LNW:දකුණු ගාසා තීරයේ රෆා වෙත එල්ල කරන ප්‍රහාර වහාම නතර කරන ලෙස එක්සත් ජාතීන්ගේ අධිකරණය විසින් ඊශ්‍රායලයට නියෝග කර තිබේ.

අර්බුද කළමනාකරණය පිළිබඳ යුරෝපීය කොමසාරිස් ජැනෙස් ලෙනාර්සික් පවසන්නේ රෆාහි යුද මෙහෙයුම් නතර කර ගොඩබිම් හරස් මාර්ග විවෘත කිරීමට ජාත්‍යන්තර අධිකරණය ලබා දී ඇති නියෝගය වහාම ක්‍රියාත්මක බවට අපේක්ෂා කරන බවයි.

ගසා හි තත්ත්වය ඉතා ව්‍යසනකාරී බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරන්නේ.

පසුගිය සති දෙක තුළ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පලස්තීනුවන් 90,000කට වඩා වැඩි පිරිසක් අවතැන් වී සිටින අතර විශේෂයෙන් ඔවුන්ට සුරැකුම් ස්ථාන, ආහාර සහ ඖෂධ විශාලා ලෙස හිඟයක් පවතින බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය අනාවරණය කරයි.

පසුගිය ඔක්තෝම්බර් 07 වැනිදා සිටි ඇවිලුණු ගාසා තීරයේ මෙම ගැටුම් හේතුවෙන් මේ වන විට පලස්තීනුවන් 35,800කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර ඊශ්‍රායලයේ 1,478 ක්ද මරණයට පත්ව තිබේ.

පලස්තීන මරණ අතර දරුවන් 15,000කට වැඩි පිරිසක් සිටින අතර තවත් 10,000කට වැඩි පිරිසක් අතුරුදහන් බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...