ගාමිණී මාරපන අභාවප්‍රාප්ත වෙයි

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අසනීප තත්වයෙන් පසුවූ ඒ මහතා අද (25) පෙරවරුවේ කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී ඇති බව සඳහන්.

මෙරට නීති ක්ෂේත්‍රයේ ජ්‍යේෂ්ඨයකු වූ ඒ මහතා ආන්දෝලනාත්මක නඩු රැසකට පෙනී සිටි ජනාධිපති නීතීඥවරයෙකි.

එමෙන්ම ඒ මහතා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු අමාත්‍යවරයකු වන තිලක් මාරපන මහතාගේ සොහොයුරෙකු වේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ගාමිණී මාරපන මහතාව කොළඹ වරාය නගර කොමිසමේ සභාපතිවරයා වශයෙන් ද පත්කෙරිණි.

ගාමිණී මාරපන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාකිස්තානයේ අගනුවර වසා දැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: පාකිස්තානයේ අගනුවර වන...

හෝමුස් සමුද්‍ර සන්ධිය දින 7කින් විවෘත කිරීමට ඉරානයෙන් ඇමරිකාවට යෝජනාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: එක්සත් ජාතීන්ගේ මහා...

පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් පිපිරීමකින් 7කට තුවාල. තිදෙනෙකුට බරපතළයි

පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් සිදුවූ අනතුරකින්...

ප්‍රදේශ රැසකට විටින් විට වැසි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 26) දිනයේදී බස්නාහිර සහ...