තව සති දෙකකින් සජිත්ගේ 10 දෙනෙක් රනිල්ට එකතුවෙනවා, දැනටත් කතා කරලා ඉවරයි – මහින්දානන්ද

Date:

ඉදිරි සති දෙකකින් පසු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දස දෙනෙකු අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වන්නේ යැයි තමන් ස්ථිරවම ප්‍රකාශ කර බවත් අවශ්‍ය නම් තමන්ට ඔවුන්ගේ නම් වුවත් හෙළිකිරීමට හැකි බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

“එකක් මතක තියාගන්න, ඔයාලා බලාගෙන ඉන්නෙ මේ ආණ්ඩුව ගන්න තමයි. ඒවා නිකම් දවල් හීන. හොඳට මතක තියාගන්න තව මාස දෙක තුනක් යනකොට බලාගන්න පුළුවන්, සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගෙ කීදෙනෙක් ගැළවිලා රනිල් වික්‍රමසිංහ මහත්තයා ගාව හිටගන්නවාද බලමු ! තව සුමාන දෙකයි, කැට තියලා කියන්නම් සුමාන දෙකයි ! නම් ටික අහගන්න ඕනෙද ? නම් ටික කියන්නද ? එන අයගේ නම් ටික කියන්නද ? නම් ටික කියන්නම්, අට දෙනයි. දැනට දහ දෙනෙක් කතා කරලා ඉවරයි, රනිල් වික්‍රමසිංහ මහත්තයාත් එක්ක යන්න තීන්දු කරලා ඉවරයි. ඒ සියල්ල අංකයි, නමයි, ගමයි, ලිපිනයයි ඔක්කොම දෙන්නම්. ඒ නිසා ආණ්ඩු ගන්න එක කෙසේවෙතත් තමුන්නාන්සෙලා පැත්තෙ ඉන්න ටික තියාගන්න. ඉන්න ටික තියාගන්න බෑ, ආණ්ඩු හදන්න කතා කරනවා”

මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසුවේ අද (24) පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රීවරුන් සමග ඇතිවූ වාග්ප්‍රහාරයක් අතරතුරදී ය.

මීට පිළිතුරු දෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ සර්ව පාක්ෂික සමුළුව පිටුපස ඇති කුමන්ත්‍රණය හෙළිකිරීම ගැන මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාට ස්තූතිවන්ත වන බවත් රටේ ජනතාව නිසි වේලාවට මේ අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා තමන්ට බලය ලබාදෙනු ඇති බවත් ය.

RN

සබැඳි පුවත් –

රනිල් තමයි දැන් අපේ ලොක්කා – ජාතික ආණ්ඩුව මහින්දානන්දත් තහවුරු කරයි (VIDEO)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අදින් අවසන් වන GEM CITY ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: GEM CITY ජාත්‍යන්තර මැණික්...

ලබන පාරත් සජිත් එනවා !

කොළඹ LNW: ඊළඟ ජනාධිපතිවරණයටද තමන් ඉදිරිපත්වන බව විපක්ෂ නායක...

වී අලෙවි මණ්ඩලයෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: මේ වනවිට තෙත වී...

පුදනකොටම කාපි යකා – ළමා හිංසනය උත්කර්ෂයට නංවමින් පොලිස්පතිගෙන් අජූත කතාවක් !!

තමන් කුඩා කාලයේදී තම මව තමන්ට හොඳම පොල්ලකින් පහරදුන්...