යොෂිඩා පදනමට ඉඩම් 04ක්!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 27, කොළඹ (LNW): නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි ,ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු නිවාස ව්‍යාපෘති හතරක යොෂිඩා පදනම මඟින් පවත්වාගෙන යන පෙර පාසල් සහිත භූමිය එම පදනමට පවරා ගැනීමට පියවර ගෙන ඇත.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතා පවසන්නේ, කලුතර මත්තේගොඩ, නුවරඑළිය කුමාරගම, හොරණ අමරගම හා නිට්ටඹුව රංපොකුණගම ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් නිවාස ව්‍යාපෘති ආශ්‍රිතව යෝෂිඩා පදනම පෙර පාසල් පවත්වාගෙන ගිය ඉඩම් එම පදනමට පැවරූ බවයි.

සභාපතිවරයා පැවසූවේ, ඊට අදාල හිමිකම් ඔප්පු ප්‍රදානය පසුගිය සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සිදු කෙරුණු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...