නීතිපතිට ජනපතිගෙන් සේවා දිගුවක්. තවත් ගැටුමක මුලද ?

Date:

නීතිපති සංජය රාජරත්නම් මහතාට සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්දේශ කර ඇති බව වාර්තා වේ.

සංජය රාජරත්නම් මහතා වයස අවුරුදු 60 සම්පූර්ණ වීම හේතුවෙන් ජුනි 27 වනදා සිට විශ්‍රාම යාමට නියමිතව සිටී.

ඒ අනුව ඒ මහතාට තවත් මාස හයක සේවා දිගුවක් ලබාදීමට නිර්දේශ කරමින් ජනාධිපතිවරයා එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ලිඛිතව දැනුම් දී ඇති බව සඳහන්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන සතියේ රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයාගේ එම නිර්දේශයට අනුමැතිය ලබාදෙන්නේද යන්න පිළිබඳ සලකා බැලීමට නියමිත බව වාර්තා විය.

කෙසේවෙතත් මීට පෙර, හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට සේවා දිගු ලබාදුන් අවස්ථාවලදීත් නව පොලිස්පතිවරයා වශයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීමේදීත් උපරිමාධිකරණ විනිසුරුවරුන් පත්කිරීමේදීත් ජනාධිපතිවරයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අතර යම් ගැටුම්කාරී තත්වයක් උද්ගත වූ ආකාරය දැකගත හැකිවිය. ඒ අනුව නීතිපතිවරයාගේ සේවා දිගුව නිසාත් නැවත වතාවක් එවන් මත ගැටුමක් ඇතිවීමේ ඉඩක් මතුව ඇති බවයි දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව ඇත්තේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටේ මූල්‍ය විනය යහපත් – මහාචාර්ය ගාමිණී වීරසිංහ

කොළඹ LNW:මේ වන විට රටේ මූල්‍ය විනය යහපත් තත්ත්වයක...

පොලිස් රාජකාරීයට බාධා කළ කාන්තාව ලබන 10 වනදා දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : පසුගිය දා උඩුගම්පොලදී...

ඇෆ්ගනිස්තානයට බලපෑ භූමිකම්පාව හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළට(update)

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු ඇෆ්ගනිස්ථානයේ...