පොහොට්ටුවෙන් සහ අතෙන් තවත් හිටපු මන්ත්‍රීවරුන් 6ක් සජබට එක්වෙයි (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් පළාත් පාලන මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් 6 දෙනෙකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනගන වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්ව තිබේ.

ඒ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු නියෝජ්‍ය ඇමැති නන්දසේන හේරත් මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් නැගෙනහිර පළාත් සභාවට තේරී පත් වූ හිටපු ඇමතිනී ආරියවති ගලප්පත්ති මහත්මිය, ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් බස්නාහිර පළාත් සභාවට තේරී පත්වූ හිටපු පළාත් සභා මන්ත්‍රී දිලිප් කුමාර රාජපක්ෂ මහතා සහ කලුතර දිස්ත්‍රික්කයෙන් බස්නාහිර පළාත් සභාවට තේරී පත්වූ හිටපු පලාත් සභා මන්ත්‍රී අනිල් කුමාර විජේසිංහ මහතා ද වේ.

එමෙන් ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් බස්නාහිර පළාත් සභාවට තේරී පත්වූ හිටපු මන්ත්‍රී රෙහෙන්සිරි වරාගොඩ මහතා මෙන් ම කලුතර මහ නගර සභාව හිටපු මන්ත්‍රී ප්‍රසන්න විතානගේ මහතා ද විපක්ෂ හා සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්ව ඇත.

මෙම පිරිස පසුගියදා (27) විපක්ෂ නායක කාර්යාලයේදී, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගයට එක්ව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

21 රැලියට විමල් සහ ජානිපෙත් නෑ

නොවැම්බර් 21 වනදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී රැලියට...

රුසියාව යුද්ධය වෙනුවෙන් අප්‍රිකානුවන් 1,400 ක් ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව වෙනුවෙන් යුද්ධය...

ආර්ථිකය සුනු විසුණු කළ රටක් ජනතාව විසින් අපට භාර දුන්නේ – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW : අයවැය දෙවන වර...

අපරාධ මැඩලන්න ක්‍රියාමාර්ග රැසක් – ඇමති පාර්ලිමේන්තුවේදී හෙළි කරයි!

කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ සහ ප්‍රචණ්ඩක්‍රියා මර්දනය කිරීම සඳහා විශේෂ...