(VIDEO):Very Sorry,මත්පැන් බලපත්‍ර වැනි සිල්ලර දේශපාලන ගණුදෙනු අපි ළඟ නැහැ – විපක්ෂ නායක

Date:

කොළඹ LNW: Very Sorry,මත්පැන් බලපත්‍ර වැනි සිල්ලර දේශපාලන ගණුදෙනු සමඟි ජන බලවේගය තුළ නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සක්වල හා හුස්ම වැඩසටහන්වල සියලු ගණුදෙනු සහ පරිත්‍යාග සිදුවන්නේ පූර්ණ විනිවිධභාවයකින් යුක්තව බැවින් සමගි ජන බලවේග රජයක් තුළත් සියලුම රාජ්‍ය ගණුදෙනු පූර්ණ විනිවිදභාවයෙන් යුක්තව ක්‍රියාත්මක කරන බවත් ඇමති වුවත් ජනාධිපති වුවත් අගමැති වුවත් සමගි ජන බලවේග රජයක් තුළ කිසිදු අයකුට හොරකමට, අල්ලසට, පගාවට ඉඩක් නොමැති බවයි සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ.

ඔවුන්ට සුරසැප විඳිනවාට වඩා දැඩි දුෂ්කර ජීවිතයක් ගත කිරීමට සිදුවන බව විපක්ෂ නායකවරයා කියාසිටියි.

එවැනි තාන්න මාන්න වරදාන වරප්‍රසාද නොලැබෙන විට සමහර විට විවිධ පුද්ගලයන් විවිධ තීන්දු තීරණ ගත හැකි බවත් මේ වන විට මත්පැන් බලපත්‍ර වෙනුවෙන් දේශපාලන පක්ෂ සොයා යන පිරිස් පවා සිටින බවත් තමන්ගේ ආත්මය, ගෞරවය ගැන නොසිතා සිල්ලර දේශපාලනයක නිරත වන බවත් මේ රට පරිහානියට පත් වී ඇත්තේ එම සිල්ලර දේශපාලනය නිසා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (30) හම්බන්තොට මුල්කිරිගල වලස්මුල්ල මැදගම්ගොඩ මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 211 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලේ අඩුපාඩු සකස් කර ගැනීම සඳහා පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

මේ පවතින තත්ත්වයෙන් ගොඩ ඒමට සියලු දෙනා එකට අත්වැල් බැඳගෙන මහා සංවර්ධන සංග්‍රාමයකට කැපවිය යුතු බවත් එක එක දේශපාලනඥයන් පසුපස නොගොස් ස්වශක්තියෙන් ස්වෝත්සාහයෙන් සාඩම්බර ජීවිතයක් ගත කිරීමේ අවස්ථාව ජනතාවට උදාකර දිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...