*
Thursday, December 12, 2024
spot_img

Latest Posts

ජනපති e කොළම.

   (වොෂින්ටන් වෘකයා)

🍎කළින් එන ඡන්දය හා කැම්පේන් සූදානම ලීක්…?

 🍎රංගෙ ගැන කපටි නරියා ගහන වංගු….?

🍎ගොඩ ඉදන් ඔරු පෙරලීමේ ස්මාට් කපටි න්‍යාය….?

🍎 කිසි කෙනෙක් ස්මාට් වැඩ්ඩා ගෙන් දෙවන ප්‍රශ්නය නොඅසන්නේ ඇයි…..?

🍎චෝදනා 34 කට වැරදිකරුවූ ඇමෙරිකන් ඩොනල්ඩ් ට්‍රම්ප් මාළිමාවට කඩේ යාම….?

🍎රටට ගියේ රංගෙ කියපු එක ද…සහායට ඩැනී ආශු ත් නෑවාද….?

🍎ගාල්ල මහින්ද ආදි සිසුවාට වොෂින්ටන් උපහාර….?

🍎ඇමෙරිකන් මහින්ද ලාංකිකයෙකු මහත්මා ගාන්ධි ට ආරෝපනය කිරීම….?

🍎දෙමළ ජනතාව රනිල් ට කල මහා අසාධාරණය..?

🍎අලුත්ම සමීක්ෂණ වලින් උඩට පිම්මක් පැනපු අපේක්ෂක ජොකියා….?

🍎විවාදෙටත් බය නම් රටවල් ගොඩ ගන්නෙ කොහොමද….?

🍎”ඔන්න මාව හොදට බලාගන්න” දෙමළ කතකට සෙනෙහස පෑම..?

            කපටි නරින් හෙවත් ස්මාට් වැඩ්ඩන් ගොඩ සිට ඔරු පෙරළන්නටද දක්ෂයෝය. රංගෙ නම් නරි හමට තඩිබෑවද තිරෙන් පිටුපස කතාව ඔින ගොනෙකුට පැහැදිලි ය.

      වසර 02 කට ඡන්ද කල්දාන රංගෙ ගෙ මුට්ටියේ දැන් කෑලිත් නැත. නවීන් රවි වැනි එජාප අයත් මුට්ටිය කුඩු කළේ විපක්ෂයට දෙවැනි නොවන ලෙසය. පාර්ලිමේන්තු ස්වීප් එක උරගා නොබලා තව වසර 02 ක් වේලෙන්නට ඔවුන් ද කැමති නැත.

     රංගෙ ගේ කතාව ගැන නරි මතය දැන ගන්නට හුග දෙනෙක් ඔහුටම කතා කළහ.

     “ආණ්ඩුවේ මතය අපි කිව්වා. වෙන පාර්ශව වලටත් ජනපතිවරණෙ ගැන මත කියන්න පුළුවන්” කපටි නරියාගේ ඒ පිළිතුරේ අරුත මහෞෂද පඬිරුවනටද  නොතේරෙන වචන හරඹයකි. ඉන් එහාට දෙවන ප්‍රශ්නය ඇසීමට ද කිසිවකු ඉක්මන් නොවුණේ ඊට ලැබෙන්නේ මීටත් එහා මඥං උත්තරයක් බව දන්නා බැවිනි.

     එහෙත් කපටි නරියාගේ “පාර්ලිමෙන්තු සහායට ඩැනී” මහාචාර්ය ආශු බළලා හෙමිහිට මල්ලෙන් අරන් පෙන්නුවාදැයි විග්‍රහ කරන අයද සිටිති.

      “රංගෙ කියපු එක නෙවෙයි රටට ගියේ. ඡන්ද ආවම පෙර හා පසුව වසරක් රටේ සංවර්දනය නවතිනවා. මේ ජනපතිම දිනුවොත් රට ගොඩ.වෙන කෙනෙක් ආවොත් ඉවරයි. එනිසා රට 100% ක් ගොඩ යනකම් මේ ජනපතිට වසර කීපයක් දීම වටිනවා.මෙික වරද්ද ගත්තොත් වසර 25 කට රටට කෙළවෙනවා කියන කතාව විකෘති වෙලා රටට ගියේ” ආශු මුරලිටත් වඩා පන්දුව දඟකවා දැම්මේය.

     රනිල් සියලු ජාතීන්ට හිතැති අයෙකි. යාපනේ නෑගම් ගොස් වෛද්‍ය පීඨයට රු මිලි 942 ක බිල්ඩිමක් දුන්නේය.

      “රනිල් 2005 පැරදුණේ දෙමළ අපි ඡන්ද වර්ජන කල නිසයි. අපි එදා අසාධාරණයක් කළත් ඔහු කිසිදා අපට අසාධාරණ කළේ නෑ” සුමන්තිරන් කීවිට හැගීම්බර වූ ජනතාව පුටු වලින් නැගිට දිගු වෙලාවක් අත් පොලසන් දුන්හ.

       උරුමය ඔප්පු බෙදා ඔහු ගියේ තරුණ හමුවටය.

      ” ඊලෝන් මස්ක් හරහා වයිfපයි දෙන වැඩේ හරි. යොවුන් පුරයකුත් තියමු. ඉන්දියාවෙ තරු ගෙනත් ප්‍රසංගයකුත් කරමු. කාගෙ සින්දු වලට ද කැමති” ජනපති ඇසුවේය.

    බාලසුබ්‍රමනියම්ගේ ගීයක් ගැයීමට තරුණයෙකුට අවස්ථාව ලැබුණේ ඒ තුළය. ජාතික ගීය සිංහලෙන් ගැයුණු විට එය දෙමළෙන්ද ගැයීමට ජනපති ඉල්ලා සිටියේය.

     පසුදා කිළිනොච්චියේදී රෝහලක් විවෘත කොට ඔප්පු ද බෙදා දුන්නේය. යළි යාපනේ ගොස් ගුරු පත්වීම් දී මන්ත්‍රී විග්නේෂ්වරන්ගේ සුවදුක් බැලීමට ගියේය.

     “මට ජනාධිපති සර් බලන්න ඔිනෑ” කාන්තාවක් එම නිවස අසල කෑගැසුවාය. ආරක්ෂක අංශ ඇය ගැන සෝදිසියෙන් සිටින අතරේ ජනපති ද දැනුවත් කළහ. ආපසු යන අකරේ වාහන වීදුරුව පහත් කොට ඇය ඇමතු ජනපති ඇයගේ අතින් ද අල්ලා සුබ පතන ගමන් “ඔන්න මාව හොදට බලාගන්නැයි” කීවේ සිනා මැදය.

     රාත්‍රියේ ආණ්ඩුකාර නිවසේ භෝජනයේදී නව කෘෂි සංකල්ප යාපනයට හදුන්වා දෙන ලෙස නිළධාරීන් ඉල්ලීය.

      පසුදා වව්නියා රෝහල විවෘත කල පසු මන්ත්‍රී අඩෛක්කලනාදන් ජනපතිට දෝස්මුරයක් දැම්මෙිය.

     “මන්නාරමට තෑගි නැද්ද” ඔහු ඇසුවේය.

     “මන්නාරමටත් තෑගි  තියෙනවා. ඒක කරමු.මම හැමදාම මඩු එනවනේ” නරියා ගුග්ලියක් දමා මන්ත්‍රී බැලන්ස් කළේය.

    අධික වැසි නිසා ගංවතුර,නිවාස හානි ජනතා ආරක්ෂාව ගස් වැටීම ආදිය ගැන පොලීසිය හා හමුදා සමග  කටයුතු කරන ලෙස ජනපති සාගලට වැඩ පැවරුවේය.

     එජාප කලමනාකරණ කමිටුවේ දී නරි තෙමේ සගවන දෙයක් යළිත් එළියට පැන්නේය. ඇමති හරීන් එහිදී ජනපතිවරණ පුචාරක කටයුතු ගැන දීර්ඝ විස්තරයක් කළේය.

    “රංගෙ ගෙ බෝම්බෙ හෙණ ලෙඩක්” හරීන් මෙන්ම කීප දෙනෙක්ද කීවෝය.

      “ආණ්ඩුවේ මතය කැබිනට් එකට මම කිව්වා. වෙන අයටත් මත පළ කරන්න පුළුවන්. කලබල වෙන්න එපා” එම නරි ගැටය කුමක්දැයි තේරුම්ගත නොහැකිව සියලු දෙනා මුහුණට මුහුණ බලා ගත්තා මිස දෙවැනි පුශ්නය ට නොගියහ. ආණ්ඩුවේ බොහෝ දෙනෙක් විමසූ විටද ලැබුණේ ඉහත නරි උත්තරයම නිසා බොහෝ දෙනෙකු ගියේ කරකවා අතහැරි ගාණවය.

    “රංගෙ ගෙ කතාව ගැන මොනවද ආරංචි” ජනපති අගසව් කෙනෙකු වන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ දිනිත් ගෙන් ඇසුවේය.

    “සිරිකොත ලග 07 දෙනෙක් උද්ගෝෂණ කලා. විපක්ෂය දගලනවා. ඒත් මිනිස්සුන්ට මේක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි වගේ” දිනිත් කීවිට “හ්මි” මිසක නරියා වෙනකක් කීවෙි නැත.

     “රංගෙ ගෙ කතාව විග්නේෂ්වරනුත් අනුමත කරලා” ආශු කීවේ ඒ ගැන විමසූ අයට ය.

    “හුග දෙනෙකුට ජනපති රනිල් කවුදැයි තේරෙන්නෙ නෑ. ගැටලුව ඒකයි” උපදේශකයෙකු  කීවේ එහෙමය.

      “කළින් එන්නේ ජනපතිවරණෙ කියලයි මම කැබිනට් එකට කිව්වේ” ස්මාට් වැඩ්ඩා  බඩු බැලන්ස් කළේ එහෙම ය.

      “නීතිපතිට සේවා දිගවක් දීම සමහරු ප්‍රශ්න කරනවා. රදගුරු මණ්ඩලය එක්ක පාස්කු පුහාරය ගැන වැඩ කරන්නෙ ඔහු නිසා ඔවුන්ගේ ඉල්ලීමටයි දිගුව දුන්නේ. ප්‍රශ්න තියෙන අයට රදගුරු මණ්ඩලයෙන්  අහන්න පුළුවන්” ජනපති කීවේ මද සිනහවකිනි.

     “විවාදෙට අනුරයි සජිතුයි දෙන්නම බයයි. ආර්ථික කමිටු විවාදෙන් නම් ජවිපෙ පැනල ගියා” ඇමති ෂෙහාන් කීවේය. ෂෙහාන් ට පොහොටිටුවේ තලාවේ රැළියට ආරාධනා නොකිරීම හා ඔහු වැනි දක්ෂ තරුණයන් කොන් කිරීමේ කුමන්ත්‍රණ ගැන ද එහිදී කතාබහ කෙරිණ.

   “ආර්ථික පරිවර්ථන පනතට විරුද්ධ රටත් ආර්ථිකයත් ගොඩ යනවට විරුද්ධ අයයි” ඇමති ෂෙහාන් කීවේ එම බර කරට ගත්තෙකු බැවිනි.

   සර්වොදය නායන  ඒ ටී ආරියරත්න සමරා වොෂින්ටනයේ දී දැවැත්ත උපහාරයක් තිබිණ.  උණවටුනේ ඉපිද ගාල්ල මහින්ඳයෙන් අධ්‍යාපනය ලබා ලංකාවේ පළමු ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානය බිහිකොට විදෙස් මුදලින් ගැමි ආර්ථිකය නැංවීම වෘත්තීය පුහුණුව ලබාදීම අතුළු ඔහු කල සේවයත් ලැබූ ජාත්‍යන්තර සම්මාන ගැනත් වීඩියෝවක් ප්‍රදර්ශනය විය. 

තානාපති ඇමෙරිකන් මහින්ද එහිදී කල දේශනය උත්සවයට මහත් ආලෝකයක් විය.

     “ලංකාවේ මහත්මා ගාන්ධි මෙතුමායි” ඇමෙරිකන් මහින්ද නව අර්ථ කථනයක් දුන්නේය. සර්වෝදය වත්මන් නායන වෛද්‍ය වින්‍යා ආරියරත්න තම පියා ලෝක සම්මාන ලබමින් ගෙනගිය සර්වෝදයේ ඉදිරි ගමන  ගැන කල විග්‍රහය කාගේත් සිත් ගත්හ.

     “ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 දි ලංකාවෙ අනුර හා  මාළිමාව  දිනනවා”ජයවේවා” කියල සිංහල වචනත් සමග කෘතිම බුද්ධිය (AI) හරහා මාළිමාව හදපු වීඩියෝවෙනුත්  ඔවුන් නාගත්තා. ටුම්ප් අනුර කියල කෙනෙක් ගැන දන්නෙත් නෑ කියල ඇමෙරිකාවෙන් ආරංචියි” ආණ්ඩඅවේ ජාත්‍යන්තර පොරක් කීවේ සිනාමැදය. 

     “ජවිපෙ වර්ණනා කල ට්‍රම්ප් දූෂණ අක්‍රමිකතා චෝදනා 34 කට වැරදිකරුවීම ගැනත් මාළිමාව දැන්  රටට කියන්න ඔිනෑ” ආශු කීවේ සිනා මැදය.

    ඇමෙරිකාවේ ජනප්‍රියම වාහනයකට සමානව ලංකාවේ නිපදවු වාහනය රැගත් තරුණයා ජනපති හමුවිය. එය තවත් දියුණු කර ලංකාව හා සෙසු වෙළද පොළ වල් වලට යැවීමට ද තීන්දු විය.

     නවතම සමීක්ෂණ තුළ ජනපති රනිල් දෙවන තැනට පැමිණ මාළිමාව තුනට වැටීම ගැන ද කතාබහ කෙරිණ.

      “යනවිදියට ගියොත් එකට එන එක අපහසු නෑ”  එහිදී මත පළ විය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan