රසිඳු බොන් පෙරළිකරුවන් අතරට

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 31, කොළඹ (LNW):

ජර්මනියේ පැවත්වෙන යොනෙක්ස් බොන් ජාත්‍යන්තර බැඩ්මින්ටන් සූරතාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ රසිඳු හෙන්දහේවා ඒ තරගයේ පෙරළිකාරයින් අතර නම රඳවන්නට සමත් විය.
තරගාවලියේ සහභාගීත්වය අනුව අංක එකට නම් කර සිටි ස්විට්ස්ර්ලන්තයේ ටොබ්ලාස් කුවෙන්ෂි,තරගාවලියට සුදුසුකම් ලැබීමේ පූර්ව වටයෙන් එකතු වූ චීන තායිපේ නියෝජනය කරන චෙන්ග් කායි අතින් පරාජය විය.චෙන්ග් තමන් සහභාගි වූ මූලික තරගයේදී පරාජයට පත් කළේ මෙම තරගාවලියේ අංක 8 ට සිටි ක්‍රීඩකයාය.දැන් චෙන්ග් තරගාවලියේ අවසන් තරගකරුවන් 8 දෙනා අතරට පිවිස සිටින්නේය.


ශ්‍රී ලංකාව නියෝජනය කරන 22 හැවිරිදි රසිඳු තමන්ලේ පළමු තරගයේදී ජර්මනියේ බ්‍රයන් හොල්ට්ස්ච්කෙ සමඟ ගැටිණ.තරගාවලියට අදාළ ශ්‍රේණිගත කිරීමේ හත්වන තැන සිටි බ්‍රයන් එහිදී වට 2-1 ක ලෙස රසිඳුට පරාජය විය.එම විශිෂ්ඨ ජයග්‍රහණයෙන් ඉනික්බිතිව එය ඉදිරියට රැඟෙන යාමට රසිඳු දැඩි උත්සාහයක් ගත්ත ද,එය වට 2-1 ක ජයග්‍රහණයකින් නවතා දමන්නට පෝලන්තයේ මැටියෂ් ඩැනියෙලැක් ට හැකි විය.
අවසන් හතර දෙනා අතර ආසියාතිකයින් තුන් දෙනෙකුගේම නම රැදී ඇති අතර ඉන් අයෙක් චීන තායිපේ නියෝජනය කරන වෙන්ග් කායි වන අතර මැලේසියානුවන් දෙදෙනෙක් ද වේ.

ඒ තිදෙනාම තරගාවලියේ පෙරළිකාරයන් වන අතර පූර්ව වශයෙන් තරගාවලියට ඉදිරිපත් වන තරුගකරුවන් ශ්‍රේණිගත කිරීමේ ද ඒ තිදෙනාම නොසිටි අය ය.අනෙක් ක්‍රීඩකයා ස්වීඩන්යේ ගුස්ටාව් බ්ජෝක්ලර් ය.ඔහු තරගාවලියට සම්බන්ධ ශ්‍රේණිගත කිරීම්වල හතරවන තැන සිටින ක්‍රීඩකයා ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිව් වරක් අභ්‍යවකාශයට ගිය පළමු ගගනගාමි Jim Lovell ගේ අවසන් ගමන…

රෂිකා හෙන්නායක අගෝස්තු 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 1968 සිදුකළ අපොලෝ...

දකුණු ආසියාවේ ඉහලම ධනවතුන් අතරට ලංකාවෙන් ඉෂාර!

සටහන: සශිකලා මධුෂාණි දකුණු ආසියාවේ ඉහලම ඩොලර් බිලියනපතියන් අතරට...

තුසිත හල්ලොලුවත් අතුරුදන් ?

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයකු මෙන්ම හිටපු ජනාධිපති...