Claudia Sheinbaumට ජය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජුනි 03 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෙක්සිකෝ ජනාධිපති ධුරය ‘මොරේනා’ පක්ෂය නියෝජනය කළ අපේක්ෂිකා ක්ලෝඩියා ෂින්බෝන් පේද්‍රෝ ට හිමි වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙක්සිකෝ ඉතිහාසයේ කාන්තාවකට ජනපති ධුරය හිමි වුයේ පළමු වරට බවයි. ක්ලෝඩියා යුදෙව්වකු වන අතර, යුදෙව් කාන්තාවකට මෙක්සිකෝ ජනාධිපති ධුරය හිමිවුණු පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.

1962 වසරේ උපත ලැබූ ක්ලෝඩියා දේශපාලනයට පිවිසීමට පෙර, විද්‍යාඥවරියක්. 2018 සිට 2023 දක්වා මෙක්සිකෝ සිටි ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරිය ලෙස කටයුතු කළේ ද ඇයයි.

ක්ලෝඩියා, මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ධුරයෙන් ඉවත් වීමට සූදානමින් සිටින ජනාධිපති මැනුවෙල් ලෝපේස්ගේ අනුප්‍රාප්තිකයා ලෙස වන අතර, මෙක්සිකෝ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6 කි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...