ආපදා හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 64ක 244ක් අවතැන්

Date:

සටහන – නදීක දයා බණ්ඩාර

ජූනි 03, මහනුවර (LNW): අධික සුළං සහිත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්යේ පවුල් 64ක පුද්ගලයන් 244කු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

මහනුවර දිස්ත්‍රික්කයේ දෙල්තොට, උඩදුම්බර, හාරිස්පත්තුව, ගඟ ඉහළ කෝරළය, දොළුව, තුම්පනේ, පස්බාගේ, උඩපළාත, හතරලියද්ද සහ උඩුනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලින් වැඩිම ආපදා වාර්තා වී ඇතැයි එහි මහනුවර දිස්ත්‍රික් අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා පැවසීය.

සුළං නිසා ගස් කඩා වැටීමෙන් නිවාස 38කට අර්ධ හානි සිදුවී ඇති අතර පවුල් 26ක පුද්ගලයන් 88ක් ආරක්ෂිත ස්ථානවල රැදවීමට එම මධ්‍යස්ථානය කටයුතු යොදා තිබේ. ඉන් පවුල් 04ක සාමාජික සාමාජිකාවන් 16ක් ඥාතීන්ගේ නිවෙස්වල රැදවීමට කටයුතු කළ බවත් මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයාගේ උපදෙස් පරිදි අවතැන්වූන්ට සහන ලබා දෙන බවත් මහනුවර දිස්ත්‍රික් අධ්‍යක්ෂවරයා තව දුරටත් පැවසුවේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භූ කම්පනයක් හේතුවෙන් ලොව විශාලතම පතල කඩා වැටේ; එක් අයෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චිලියේ ඇතිවූ රික්ටර්...

ජනාධිපති ට්‍රම්ප් රුසියාවට එරෙහිව න්‍යෂ්ටික ප්‍රහාරයක් දියත් කිරීමට සුදානම් බව කියයි

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ හිටපු ජනාධිපති...

රේගුවෙන් ඉතිහාසගත වාර්තාවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW : රේගු දෙපාර්තමේන්තුවෙන් ...

වෙඩි තැබීමක් : එක් අයෙකු මරුට ..

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW : අද (02) පස්වරුවේ,...