මහ ගංවතුරේ නවතම තත්වය සහ ගංගාවල ජල මට්ටම්

සටහන – රුවන් නෙළුගොල්ල

ප්‍රධාන ගංගා ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක තවදුරටත් ගංවතුර තත්වයන් පැවතියත් එම ගංගාවල ජල මට්ටම් මේ වනවිට පහළ බසිමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

අද (05) අළුයම 03.30 ට එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය අනුව කළු ගඟේ පුටුපාවුල ප්‍රදේශයේත් කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟේ කලවැල්ලාව ප්‍රදේශයේත් ගිං ගඟේ බද්දේගම ප්‍රදේශයේත් නිල්වලා ගඟේ තල්ගහගොඩ ප්‍රදේශයේත් තවදුරටත් මහ ගංවතුර තත්වයක් පවතී.

එසේම කැළණි ගඟේ නාගලගම් වීදිය ප්‍රදේශයේත් කළු ගඟේ ඇල්ලගාව ප්‍රදේශයේත් නිල්වලා ගඟේ පනාඩුගම ප්‍රදේශයේත් අත්තනගලු ඔයේ දූනමලේ ප්‍රදේශයේත් සුළු ගංවතුර තත්වයක් ද ඇත.

කෙසේවෙතත් මෙම ප්‍රදේශ සියල්ලම ආශ්‍රිතව එම ගංගාවල ජල මට්ටම් පහළ බසිමින් පවතින බවයි අදාළ නිවේදනයෙන් පෙන්නුම් කෙරෙන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...