පැනිල්ල පමා වෙන්නේ ලොක්කන්ගේ වැනිල්ල නිසා ලු !

මේ සතියේ පාර්ලිමේන්තුවේ පිල් මාරුවක් සිද්ධ වෙන්න නියමිත බව අපි මීට පෙර පුවතකින් කිව්වා. ඒ වෙනකොට ආරංචිමාර්ග කියපු විදියට අපි දින වකවානුත් කිව්වා. නමුත් තවම ඒ පිල් මාරුව සිද්ධ වුණේ නෑ.

දේශපාලන ආරංචිමාර්ග කියන විදියට පැනිල්ල පමාවුණු හේතුව මේකයි,

මේ පනින කට්ටියව සම්බන්ධීකරණය කරන අලි පාටියේ ලොක්කෝ “සර් මම අරයාව ගේනවා” “සර් මම මෙයාව ගේනවා” කිය කියා රටේ ලොක්කාගෙන් ලකුණු දාගන්න දඟළනවා මිසක් අර පනින්න ඉන්න අයට තියෙන ප්‍රායෝගික ප්‍රශ්න විසඳලා දෙන්න කිසි උනන්දුවක් නැති ලු.

මේ මොහොතේ පනින අයට තමන්ගේ දේශපාලන අනාගතය ගැන ප්‍රශ්නයක් තියෙනවා කියන එක පැහැදිලියි නෙ. ඒ වගේම ඉතින් පනින කෙනෙක් කිසිම තනතුරක් නැතිව නිකම්ම ඔහේ පනින්නෙත් නෑනෙ. ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕනෙ අරගොල්ලෝ වගේ වගක් නැතිව ඔහේ ඉන්නවා ලු.

කොහොම වුණත් මේ තත්වය ආරංචි වෙලා දැන් රටේ ලොක්කාම ගේමට බැහැලා කීපදෙනෙක්ව පුද්ගලිකවම හම්බවෙලා එයාලාගෙ ප්‍රශ්න විසඳන ක්‍රමයක් හදලා දෙන්නම්ය කියලා කිව්වා කියලාත් ආරංචියි. එව්වාත් ඉතින් ලොක්කාගේ මීඩියා ඔස්තාර්ලාගේ නිව්ස් ප්ලාන්ට් ද දන්නෙත් නෑ. මොකද, දැනට මේ පැනිලිවල හරියටම කෙරෙන්නේ නිව්ස් ප්ලාන්ට් වැඩේ විතරක් බව නම් පැහැදිලිව පේන නිසා.

කොහොමවුණත් මේ සතියේ ආණ්ඩුවට ඉතාම වැදගත් පනත් කීපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙනවා. ඒවා දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම්වලදී යමක් වෙන්නත් බැරි නෑ. බලාන ඉන්නයි තියෙන්නෙ ….

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...