සටහන – රෂිකා හෙන්නායක ජුනි 05 , කොළඹ (LNW):
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට පාර්ලිමේන්තු මැතිවරණයෙන් පිට පිටම තෙවැනි වරටත් භාරතීය ජනතා පක්ෂය ප්රමුඛ ඉන්දීය ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධානයේ (NDA) මැතිවරණ ජයග්‍රහණය කරනු ලැබූ අතර ඒ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබපැතුම් පිරිනමා ඇත.
නරේන්ද්‍ර මෝදි මහතාගේ නායකත්වය යටතේ ඉන්දියාව ලබා ඇති ප්‍රගතිය සහ සමෘද්ධිය පිළිබඳව එරට ජනතාව විශ්වාසය තබා ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත. මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සබඳතා තවදුරටත් වර්ධනය වීම කෙරෙහි ඉවහල් වනු ඇතැයිද ජනාධිපතිවරයා විශ්වාසය පළ කර ඇත.
මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්රමුඛ සන්ධානය ආසන 543 කින් 290 කට වඩා ඉදිරියෙන් සිටින අතර ඔවුන්ගේ ඉලක්කය වූ 400 ට වඩා එය අඩු විය.