සටහන – රෂිකා හෙන්නායක ජුනි 06 , කොළඹ (LNW):
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ නව සන්ධාන පාර්ශවය විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවත්වනු ලබන ජන රැළිය ජූනි මස 08 දින පස්වරු 2.00 ට අම්බලන්තොට නගර මධ්‍යයේදී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.
මෙම ජන රැළිය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සංවිධානය කරනු ලබන බව පැවසේ. නව සන්ධානය ආරම්භ කිරීමත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව නව සන්ධාන වැඩපිළිවෙළ වඩාත් ශක්තිමත් කර ඇති බවත්, ඉදිරියේදී තවත් පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සම්බන්ධ කර ගනිමින් දැවැන්ත හා පුළුල් සන්ධානයක් ගොඩනගන බව නිමල් ලාන්සා මහතා සඳහන් කරයි.
මෙම ජන රැළියට නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, සුසිල් ප්‍රේම්ජයන්ත, නලින් ප්‍රනාන්දු, අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලාන්සා, ප්‍රියංකර ජයරත්න යන මහත්වරුන් ඇතුළු නව සන්ධානයට සහය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, වෘත්තිය සමිති නියෝජිතයින් හා සිවිල් ක්‍රියාකාරීන් රැසක් සහභාගි වීමට නියමිතව ඇත.



