කොළඹ LNW:නැවත දැනුම් දෙන තුරු ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින්ගේ නිවාඩු අවලංගු කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
ඊයේ (05) දින සිට එය ක්‍රියාත්මක බවයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ.
අද (06) දින මේ වන විට නව විදුලි බල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙමින් තිබෙන අතර විපක්ෂය මෙන්ම ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිතිද මෙම පනතට විරෝධය පළකර ඇති පසුබිමක ඇතිවිය හැකි විරෝධතා මැඩපැවැත්වීමේ අරමුණින් උක්ත තීරණය ගනු ලැබුවේද යන සැකය බොහෝ පාර්ශව මතුකර සිටියි.
ASK

