මිල සූත්‍රය ක්‍රියාත්මක වුණානම් ඉන්ධනවල දැන් පවතින මිල රටට කියන්න – IOC මිල ඉහළ යාමට විරෝධය දක්වමින් වෘත්තීය සමිති සංස්ථාවෙන් ඉල්ලයි (VIDEO)

Date:

ජනතාව දැඩි පීඩනයක සිටින අවස්ථාවක IOC සමාගම විසින් ඉන්ධන මිල යළි ඉහළ දැමීම ගැන විරෝධය පළකරන අතර මේ මොහොතේ ඛනිජ තෙල් සංස්ථාව මිල ඉහළ නොදැමුවද ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇති පසුබිමක මිල සූත්‍රය ක්‍රියාත්මක වූයේ නම් මේ වන විට ඉන්ධන මිල කොතෙක් දුරට ඉහළ ගොස් ඇත්ද යන්න ජනතාවට හෙළි කරන ලෙස පොදුජන ප්‍රගතිශීලි සේවක සංගමයේ ඛනිජ තෙල් සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාර මහතා පැවසුවේය.

ඒ, අද (26) පෙරවරුවේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමිනි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවද පසුගියදා මිල ඉහළ දැමුවද එය පිරිවැය සමාන්තර මිල වැඩි වීමක් නොවන බවද ඔහු කියා සිටියේය.

මේ මොහොතේ රටේ පවතින තත්ත්වය අනුව ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල ඉහළ ගියද රට තුළ ඉන්ධන මිල වැඩි වීමක් තවදුරටත් දරාගත නොහැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.

IOC සමාගම සිදුකරන්නේ මෙලෙස මිල වැඩි කර ඉන්ධන අලෙවියෙන් ඇත්වී ඔවුන්ට වැඩ ලාභදායි නැව් තෙල් සැපයීම,ලිහිසිතෙල් සහ තාර බවත් නමුත් සංස්ථාව තුළ එම අංශ වලට සිදුව ඇති දේ මේ මොහොතේදී හෝ කල්පනා කළ යුතුව ඇති බවද බන්දුල සමන්කුමාර මහතා අවධාරණය කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...