අමරවීර – ලන්සා සන්ධානයේ හම්බන්තොට රැලිය අද

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපති මහින්ද අමරවීර මහතා ප්‍රමුඛ කණ්ඩායම සහ නිමල් ලන්සා මහතා ප්‍රමුඛ ස්වාධීන කණ්ඩායම එක්ව පවත්වන ජනරැළිය අද (08) දහවල් 02.00 ට අම්බලන්තොට නගරයේදී ආරම්භ වීමට නියමිතව තිබේ.

“දිනුම රටට – එක්ව පෙරට” මැයෙන් යුතුව පවත්වන මෙම රැළියේ සංවිධාන කටයුතු සිදුකරනු ලබන්නේ මහින්ද අමරවීර මහතා විසිනි.

රාජපක්ෂවරුන්ගේ බලකොටුව වන හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ තමන්ගේ ශක්තිය පෙන්නුම් කරමින් ඔවුන්ට අභියෝග කිරීම සඳහා පැවැත්වෙන මෙම රැළියට සෙනඟ රැස්කිරීම ද සම්පූර්ණයෙන්ම මහින්ද අමරවීර මහතා විසින්ම භාරගෙන ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ ජන රැලිය” වශයෙන් ශ්‍රීලනිප පාර්ශ්වය විසින් හඳුන්වන මෙම රැලියට මහින්ද අමරවීර, නිමල් ලන්සා, නිමල් සිරිපාල ද සිල්වා, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, සුසිල් ප්‍රේම්ජයන්ත, නලින් ප්‍රනාන්දු, අනුර ප්‍රියදර්ශන යාපා, ඒ. එච්. එම්. ෆවුසි, ජෝන් සෙනවිරත්න, සුරේන් රාඝවන්, ජගත් පුෂ්පකුමාර, අංගජන් රාමනාදන්, ජගත් ප්‍රියංකර, අලි සබ්‍රි රහීම්, ප්‍රියංකර ජයරත්න ඇතුළු මැති ඇමතිවරුන් සහභාගී වීමට නියමිත බව සඳහන්.

එසේම පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණේ උපසභාපති නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාත් මේ රැලියට එකතු වීමට සූදානමින් සිටින බවත් ආරංචිමාර්ග පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...