*
Friday, October 25, 2024
spot_img

Latest Posts

ඉතිහාසයේ බලගතුම සන්ධානය තව සති දෙකකින් – රවී

කොළඹ LNW:එක්සත් ජාතික පක්ෂය විසින් ගොඩනගන පුළුල්ම සන්ධානය විසින් රනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අතර එම දේශපාලන සන්ධානය ගැන සියලුම දෙනාට තව සති දෙකකින් දැනගත හැකි බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

සියලුම දේශපාලන පක්ෂ සහ නායකයින් ඊට ඒකරාශී කිරීමට කටයුතු කරන බවයි කරුණානායක මහතා සඳහන් කරන්නේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන බවට තවදුරටත් සිදුකෙරෙන ප්‍රකාශ අසත්‍ය අතර මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ නිහඬ වූ ජන්ද මේ වන විට සක්‍රීය වී සිටින අතර රනිල් වික්‍රමසිංහ මහතා ජන්ද ලක්ෂ 95ක් රැගෙන ජයග්‍රහණය කරන බව හෙතෙම කියාසිටියි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් අපේ රට ඉදිරි දැක්මක් එක්ක ඉදිරියට ගමන් කරමින් තිබෙන අතර රටේ සහ ජනතාවගේ අනාගතය ඉතාම පැහැදිලි බවයි ඔහු පවසන්නේ.

”එක්සත් ජාතික පක්ෂය කියන්නේ හැමදාම රට සහ ජනතාව ගැන සිතා කටයුතු කළ දේශපාලන පක්ෂයක් බව ජනතාව දන්නවා. ගං වතුරෙන් පීඩාවට පත් ජනතාවට මම මගේ ශෝකය ප්‍රකාශ කරන අතර එම ජනතාවට අවශ්‍ය සහන, වන්දි සහ ඒ අයගේ අවශ්‍යතා වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන රජය ගත හැකි සියලු පියවර ගෙන තිබෙන බව මේ මොහොතේ සිහිපත් කළ යුතුයි. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය මාව පක්ෂයේ ජාතික ලේකම් ලෙස පත් කළා. එක්සත් ජාතික පක්ෂයට නැවත පුනර්ජීවය ලබා දී එක්සත් ජාතික පක්ෂය නගා සිටි විය යුත්තේ රට-ජනතාව වෙනුවෙනුයි. මේ රටේ ආර්ථිකය නැවත කඩා නොවැටෙන ආකාරයට සකස් කළ යුතු අතර එම හැකියාව සහ දක්ෂතාවය තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට විතරයි. ඊට තවත් උදාහරණයක් වන්නේ විදුලි බල පනත සම්මත වීමත් එක්ක විදුලිය ගාස්තු විශාල ලෙස අඩු වීමයි. ඒ වගේම මීට කාලකට පෙර මේ රටේ තිබූ පෝලිම් යුගය සහ එමගින් ඇති වූ මහත් පීඩාකාරී සහ අවලස්සන තත්ත්වය ගැන සිහිපත් කළ යුතුයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා මැතිවරණයෙන් ජය ගෙන තෙවැනි වතාවටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනවා. ඉන්දියාව දියුණු වන විට අපේ රටටත් ඒ වාසිය ලැබෙනවා. ඉන්දියාව සීඝ්‍රයෙන් ඉදිරියට යනවා.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සමග එකට එක්ව වැඩ කරන්නේ ඒ බව දැන ගෙනයි. තොරතුරු තාක්ෂණය, නව නිපැයුම් සහ සේවා ආර්ථිකය වගේම මේ රට නවීන කෘෂිකර්මය ඔස්සේ ද ඉදිරියට ගෙන යා යුතුයි. කටු පොල් වගාව ගැන වැරදි මතයක් තිබුණා. කෙසේ නමුත් ඒ වැරදි මත නිවැරදි වී කටු පොල් වගාව නැවත ස්ථාපිත වේවි. ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ආර්ථිකය නිවැරදි මගකට ගෙන ඒමේ ‍පළමු පියවර තබා තිබෙනවා. ඒ පනත රටට-ජනතාවට සුභවාදී පනතක් බව කිව යුතුයි. මේ හරහා ණය ප්‍රමාණය සහ ජීවන වියදම සීමා වේවි. විපක්ෂය කරන්නේ ජනපතිවරයා විවේචනය කරමින් බිල්ලෝ මැවීමයි. කෙසේ නමුත් ඔවුන් රට ගොඩනගන කරුණු කාරණා සම්බන්ධයෙන් විවාදවලට සූදානම් නැහැ. විවාදවලින් පැන යනවා. අප ප්‍රශ්න කරන්නේ විවාදයට එන්න බිය ඇයි කියලයි. විවාදවලට බියේ හැංගිලා සිටින්නේ ඇයි.? විවදයෙන් පැනලා ගියේ අදක්ෂ නිසයි. මම නම් කියන්නේ මේ විවාදයට රනිල් වික්‍රමසිංහත් කැඳවිය යුතුයි. එක්සත් ජාතික පක්ෂය එකමුතු කර ශක්තිමත් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා විජයග්‍රහණය කරා මෙහෙයවීමට මම ඇපකැප වී ක්‍රියා කරනවා නවා. ඒ වගේම රට-ජනතාව වෙනුවෙන් කරන මේ අරගලය සමග එකට ඒකරාශී වන ලෙස මම එක්සත් ජාතික පක්ෂය හැර ගිය අයට ද අනෙකුත් දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීන්ට ද ආරාධනා කරනවා.” යනුවෙන් රවී කරුණානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan