සජිත්ගේ “සක්වල” 229 වැනි ස්මාර්ට් පන්ති කාමර පරිත්‍යාගයට සුමන්දිරනුත් එක්වෙයි ! (PHOTOS)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

දැයේ දූදරුවන්ගේ පරිගණක සාක්ෂරතාවය ඉහළ නැංවීම සහ අධ්‍යාපනය නවීකරණය කිරීමේ අරමුණින් යුතුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 229 වැනි අදියර ඊයේ (10) යාපනය උඩුප්පිළි බාලිකා විද්‍යාලයේදී ක්‍රියාත්මක කෙරිණි.

ඒ අනුව, එම විද්‍යාලයට රුපියල් 1,177,000 ක් වටිනා ස්මාර්ට් පන්ති කාමරයක් විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් පරිත්‍යාග කරන ලදී.

මෙම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා ද සහභාගී වීම විශේෂත්වයකි.

ඊයේ දිනයේ ක්‍රියාත්මක වූ සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 228 සහ 299 යන අදියර දෙක සඳහාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා ද එක්ව සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් රතු එළි!

රෂිකා හෙන්නායක අගෝස්තු 22, කොළඹ LNW : අද (22)...

කෘෂි නිෂ්පාදන ආර්ථිකයට සංයුක්ත සැලැස්මක්!

කොළඹ LNW:කෘෂි නිෂ්පාදන ජාතික දේශීය සහ විදේශීය වෙළඳපොලට නිකුත්...

චීනයේ Xizang ස්වායත්තය 60 වන උපන්දින සැමරුම චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:චීනයේ Xizang ස්වායත්තය හෙවත් ටිබෙට් ලෙස හැඳින්වෙන කලාපය...

දියුණුව කියන්නේ බැසීමට නොව නැඟීමටය. අධ්‍යාපන සහ ක්‍රීඩා අමාත්‍යංශ එකතුවිය යුතු ආකාරය ගැන අපේ අදහස

නිශ්මං රණසිංහ අගෝස්තු 22, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය...