“සප්මි”, ලෝකය ඇතුළේ වෙනම ලෝකයක සූරියන් වෙයි! අනු සූරතාව ටැමිල් ඊළාම් ට.

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජුනි 14, කොළඹ (LNW): ලෝකයේ සංස්කෘතික වශයෙන් ජාතීන් වශයෙන් ආගම් වශයෙන් හුදෙකලා කර දැමූ ජන කොටස් පාපන්දුව වෙනුවෙන් ඒක රාශි කර ඇති ස්වීඩනයේ ප්‍රධාන කාර්යාලය පිහිටි රාජ්‍ය නොවන සංවිධානයක් වන CONIFA (ස්වාධීන පාපන්දු සංගම් සම්මේලනය) ලෝක කාන්තා පාපන්දු සූරතා තරගාවලියේ අනු සූරියන් වන්නට ටැමිල් ඊළාම් කණ්ඩායම සමත් වුණා. විදෙස්ගත ලාංකික දෙමළ ප්‍රජාව හරහා පෝෂණය වන දෙමළ ඩයස්පෝරාවේ අනුග්‍රහය ලැබෙන මෙම කණ්ඩායමට එම සංවිධානය හා බැඳී කැනඩාව සහ යුරෝපා රටවල දානපතියන්ගෙන් ආධාර ලැබෙනවා.

මේ තරගාවලිය පුරාම අපරාජිතව කැපී පෙණුන සූරතාවය දිනා ගත් සප්මි කණ්ඩායම පෝෂණය ලබා තිබුණේ සාමි භාෂාව කතා කරන යුරෝපයේ නෝර්වේ, ස්වීඩනය, ෆින්ලන්තය, මෙනකෙලි, ක්වේන් සහ රුසියානු දේශසීමා ඇසුරේ වැඩෙන ක්‍රීඩිකාවන්ගෙන්ය.අද වන විට මෙහි පිරිස විවිධ තැන්වලට සංක්‍රමණය වී මිශ්‍ර ජාතියක්ව දිය වෙමින් තිබුණ ද, යුරෝපයේ උතුරු තොප්පිය ලෙස හඳුන්වන නෝර්වේ, ස්වීඩනය සහ ෆින්ලන්තය යන ප්‍රදේශවලට සමීපව ආක්ටික් කවයට උතුරින් සාමි බස වහරන පිරිස බහුතරයක් දැක ගන්නට හැකිය.

තරගාවලිය පුරා සිඳුවීම් අයත් විඩීයෝ දර්ශනයකට පහත සබැඳියෙන් පිවිසෙන්නට හැකියාව ඇත.
https://www.youtube.com/watch?v=19AuuCORi_o


බොහෝ විට මොවුන් ජිවත්වන භූමිය ඔවුන්ගේ අනන්‍යතාවයට සහ නිදහසට වෙනස් සැළකීමක් කරන සහ ඔවුන්ව හුදෙකලා කර දමන තත්ත්වයක් නො’ආවේනම් ඔවුන් ඒ රටක හැදෙන අලුත් හැඩයක මහා ශිෂ්ඨාචාරයකට සම්පත් වෙන්නට තිබිණ. CONIFA ඒ හුදෙකලාව දැනෙන කොන්කිරීමේ වේදනාව හැකියාවෙන් පෝෂණය කරන ක්‍රමවේදයක් සකස් කිරීම අගය කළ යුතු මානවීය ක්‍රියාවකි.

ඡායාරූපයේ කුසලානය සමඟ සිටින්නේ සප්මි (සාමි) කණ්ඩායම වන අතර අනෙක් ඡාරෙූපයේ සිටින්නේ ටැමිල් ඊළාම් කණ්ඩායමයි.තරගාවලිය නෝර්වේ හී දී පැවත්විණු අතර එහි කොටසකට සම්බන්ධව සිටින සාමි බස කතා කරන ජනතාව වෙනුවෙන් සිය අනන්‍යතාවය වෙනුවෙන් ක්‍රිඩා කරන්නට කිසිඳු බාධාවක් එරට රජයෙන් හෝ ජනතාවගෙන් එල්ල නොවීම ද දියුණු ලෝකයට මග පෙන්වන ආදර්ශයකි.
තරගාවලියේ ක්‍රීඩිකාවන් තිදෙනෙක් වැඩිම ලකුණුලාභීනියන් ලෙස ඇගයීමට පත් විය.ඒ කැරොලින් ෆොස්ලි (සප්මි),එස්.ධනුෂිකා (ටැමිල් ඊළාම්) සහ ඊවා අලිඩා එලිෂන් ය.(සප්මි)
ඒ අතරින් ඊවා තරගාවලියේ වටිනාම ක්‍රීඩිකාවද වූවාය.ටැමිල් ගාර්ඩියන් පුවත්පතේ වාර්තාවන්ට අනුව අවසන් තරගය ආරම්භයට පෙර කණ්ඩායම් දෙකම දෙමළ ජන සංහාරයේදී අහිමි වූ ජීවිත සිහිපත් කිරීමට මිනිත්තුවක නිශ්ශබ්දතාවයක් පැවැත්වා ඇත. දෙමළ ඊළාම් කණ්ඩායම අවසන් මහා තරගය මුල්ලවයික්කාල් සංහාරයෙන් සහ දෙමළ ජන සංහාරයෙන් මියගිය අය වෙනුවෙන් කැප කරමින් ක්‍රිඩා කර ඇති අතර අවසන් තරගයේදී ඔවුන් ඉහළ දස්කම් ප්‍රදර්ශණය කරමින් මීට පෙර වටවලට වඩා සප්මි කණ්ඩායමට තරගයක් ලබා දෙමින් පරාජයට පත් වූයේ ගෝල 2-1 ක් ලෙසය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජිත්ලා,නාමල්ලා කොළඹ බලය අල්ලන්න කතා කරන එකම කොළඹ ජනතාවට කරන අසාධාරණයක්!

කොළඹ LNW:කොළඹ ජනතාව දී තිබෙන ජන වරම අනුව විපක්ෂය...

කොළඹ නගර සභාව : සර්වජන බලයේ සහායත් විපක්ෂයේ අපේක්ෂකයාට !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා අද (16)...