එක්සත් ජනපද නව සම්බාධක හේතුවෙන් රුසියාව ඩොලරය සහ යුරෝ තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 14,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදය විසින් රුසියාවට එරෙහිව නව සම්බාධක පැනවීමත් සමඟ රුසියාව ඩොලර් හා යුරෝ භාවිතා කරමින් සිය වෙළඳම සිදු කිරීම ඊයේ(13)දිනයේ සිට තහනම් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, මොස්කව් කොටස් වෙළඳපොල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, මොස්කව් විනිමය සමූහයට එරෙහිව එක්සත් ජනපදය විසින් සීමාකාරී ක්‍රියාමාර්ග හඳුන්වාදීම හේතුවෙන් විදේශ විනිමය ගනුදෙනු, ලෝහ වෙළඳම, කොටස් හා බැඳුම්කර සඳහා ඩොලර් හා යුරෝ මුදල් ඒකක භාවිතා නොකරන බවයි.

මොස්කව් සිය වාණිජ කටයුතු සඳහා චීනයේ යුවාන් භාවිතා කිරීමට නියමිත වන අතර මොස්කව් හා බීජිං අතර පවතින සමීප වෙළඳ හා දේශපාලන සබඳතා හේතුවෙන් පසුගිය මැයි මාසයේදී පමණක් වෙළඳාම් කරන ලද සියලුම විදේශ මුදල් වලින් 53.6% යුවාන් වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හිමියන්ගේ නඩු තීන්දුව ගැන සරත් එන්. සිල්වාගෙන් ප්‍රකාශයක්

කොළඹදී පැවති ආගමික හා සමාජීය සමුළුවක් අමතමින් හිටපු අගවිනිසුරු...

ඉරාන යුද්ධයෙන් එල්ල වූ බලශක්ති පීඩනය හමුවේ වියදම් කැපකිරීම හැර වෙනත් විකල්පයක් නෑ – IMF

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 14, කොළඹ LNW : ඉරාන යුද්ධය හේතුවෙන්...

ඥානසාර හිමිගේ චීවරය ඉවත්කිරීමට එරෙහි පෙත්සම සලකා බැලීමට විනිසුරු මඩුල්ලක් නම් කෙරේ!

කොළඹ LNW:සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ...

‘අපි නැවත Grey List එකට ඇතුළත් නොවේ’: මහ බැංකු අධිපතිගෙන් දැඩි සහතිකයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ශ්‍රී ලංකාව මූල්‍ය...