රත්මලාන ජාත්‍යන්තර ගුවන්ගමන් සඳහා යළි විවෘත කිරීමේ උත්සවයට ධම්මික එක්වුණේ ඇයි ?

Date:

වසර 54කට පසු රත්මලාන ගුවන් තොටුපළ යළිත් ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා විවෘත කිරීම ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) සිදුකෙරිණි.

කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපළ, රත්මලාන නව උප ධාවන පථය සහ ආස්ථරණය කරන ලද ගුවන්යානා අංගනය මෙසේ ඊයේ විවෘත කෙරුණු අතර රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් කලාපීය ගුවන් මෙහෙයුම් ද ඊයේ සිට යළි ආරම්භ කරන ලදී.

එය සනිටුහන් කරමින් මාලදිවයින් රජයට අයත් ගුවන්යානයක් ඊයේ උදෑසන රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ කරා පැමිණියේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආර්ථික සභාවේ උපදේශක කමිටු සාමාජික, ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ද මෙම උත්සව අවස්ථාවට සහභාගී වී සිටියේය.

May be an image of 12 people, people standing and sky

ධම්මික පෙරේරා මහතා යනු රත්මලාන ගුවන් තොටුපළේ ශක්‍යතාවයන් සම්බන්ධයෙන් දීර්ඝ කාලීනව අධ්‍යනයක යෙදුණු, ඒ පිළිබඳ යෝජනා පැවති රජයන් සහ ජනතාව වෙත ඉදිරිපත් කළ අයෙකි.

“2030 ශ්‍රී ලංකාව සංවර්ධිත රටක්” මැයෙන් ධම්මික පෙරේරා මහතා විසින් 2019 වසරේදී එළිදක්වන ලද සංවාද ප්‍රතිපත්ති පත්‍රිකාවෙහි රත්මලාන ගුවන් තොටුපළ සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කර තිබුණේ මෙසේ ය.

ඒ අනුව වත්මන් රජය විසින් රත්මලාන ගුවන් තොටුපළ යළි ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා විවෘත කිරීම යනු ධම්මික පෙරේරා මහතාගේ සිහිනයක් සැබෑ වීමක් බඳු ය. එය ඒ මහතා තම ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් සංකල්පගත කරන ලද සිහිනයක් නොව ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය ඇමරිකානු ඩොලර් 4000 සිට 12000 දක්වා වැඩිකිරීම සඳහා ඒ මහතා රට වෙනුවෙන් සංකල්පගත කරන ලද සිහිනයකි.

ශ්‍රී ලංකාවෙහි සංචාරක කර්මාන්තය නැංවීම පිළිබඳ කතාබහ කිරීමේදී බොහෝ දෙනා අවධානය යොමු කරන්නේ මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය සංඛ්‍යාත්මකව ඉහළ නංවා ගැනීම සඳහා පමණි. එහෙත් විය යුතුව ඇත්තේ වැඩියෙන් මුදල් වැය කරන සංචාරකයින් වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමට උනන්දු වීමත් ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමත් ය. ධම්මික පෙරේරා මහතා යෝජනා කර ඇති ගුවන් සේවාවල ඇති වැදගත්කම එයයි.

අමාත්‍යාංශ 24ක් සඳහා වෙන් වෙන් වශයෙන් යෝජනා ඇතුළත් “2030 ශ්‍රී ලංකාව සංවර්ධිත රටක්” සංවාද ප්‍රතිපත්ති පත්‍රිකාව මෙතැනින් කියවිය හැකිය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...