කොළඹ මාර්ග නීති කඩ කළ රියැදුරන් 4,500කට දඩ!

Date:

කොළඹ නගරයේ සීසීටීවී පද්ධතිය හරහා හඳුනා ගත් මාර්ග නීති කඩ කළ රියැදුරන් 4,500කට අධික පිරිසකට රථ වාහන දඩ නියම කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති සී.සී.ටී.වී. දිසාව භාර තුෂාර ගම්ලත් පවසයි.

අදාළ වැරදි සම්බන්ධයෙන් දඩ පත්‍රිකා රියැදුරන්ට ලබා දීම සඳහා රථ වාහන අංශයේ සීසීටිවි කැමරා මගින් ලබා ගත් වීඩියෝ සාක්ෂි පොලිස් ස්ථාන වෙත යොමු කර ඇති බවද කියා සිටියේය.

ඔහු ප්‍රකාශ කළේ, කොළඹ නගරයේ ස්ථාපනය කර ඇති සීසීටිවි කැමරා 106න් බොරැල්ල, නාරාහේන්පිට ඇතුළු ප්‍රධාන මංසන්ධි 33ක මාර්ග නීති කඩ කරන රියැදුරන් හඳුනා ගැනීමේ අරමුණින් පොලිසිය විශේෂ වැඩසටහනක් පෙබරවාරි 1 වන දා සිට ක්‍රියාත්මක කරන බවත් ඒ අනුව, මංතීරු නීතිය උල්ලංඝණය කිරීම, මාර්ග සංඥා නොපිළිපැදීම, තහනම් ස්ථානවල වාහන නැවැත්වීම සහ මාර්ග සංඥාවල රතු ලාම්පු නොතකා රිය ධාවනය කිරීම වැනි මාර්ග නීති කඩ කිරීම් සීසීටිවි කැමරා මගින් නිරීක්ෂණය කළ බවයි.

මේ හේතුවෙන් මෑතක සිට මාර්ග නීති කඩ කිරීම්, කහ ඉර මැද වාහන නතර කිරීම, අනවශ්‍ය ලෙස මාර්ග හරස් කිරීම් සැලකිය යුතු අඩු වීමක් දක්නට ලැබෙන බවද ඔහු පැවසීය.

ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ, ඉදිරියේදී සමස්ත බස්නාහිර පළාතේ ම මාර්ග පද්ධතියේ තෝරා ගත් ස්ථානවල සීසීටිවි කැමරා සවි කිරීමට බලාපොරොත්තු වන බව ත් මූලික අධියරක් ලෙස නුගේගොඩ, පෑලියගොඩ, කැලණිය, කඩවත නගරවල එය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...