කොළඹ කුණු සියල්ලම බේරේ බොක්කට ???

Date:

2007 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වා ලබාගෙන ඇති මුළු බැඳුම්කර ප්‍රමාණය ඇමරිකන් ඩොලර් 5000 කි. මෙම කාල වකවානුව, රට තුළ බෙදුම්වාදී යුද්ධය පැවැති සමයයි. වියදම් අධික සමයයි. එසේ වුවද ඊට සමගාමීව විදේශ ණය කළමනාකරණය වූ සංවර්ධන කටයුතු ද සිදු කළ සමයයි.

මෙරට උග්‍ර ආර්ථික අර්බුදයට හා ඩොලර් හිඟයට ප්‍රධානම හේතුව වන්නේ අධික ණය බර මෙන්ම, ඊටත් එහා ගිය 1977 වසරේ සිට වරින් වර බලයට පත්වූ රජයන් විසින් ලබාගත් බැඳුම්කරවල පොලී ප්‍රමාණයයි.

ඉන්පසු එළැඹෙන කාලය වන්නේ 2015 වර්ෂයේ සිට 2019 දක්වා කාලයයි. මෙම කාලවකවානුවේ ලබා ඇති මුළු බැඳුම්කර ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 7150කි.

මෙම ඩොලර් මිලියන ගණනින් කොපමණ ප්‍රමාණයක් රටේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා යෙදවූයේ ද යන්න, හා 1977 සිට ලබාගත් බැඳුම්කර මිලදී ගැනීම් ගෙවිය යුතු පොලී ප්‍රමාණයන්, සාක්ෂි සාධක ඇතුව අන්තර්ජාලයේ පරික්ෂා කර බැලිය හැකිය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා, බලයට පත්වී ගෙවී ගිය වසර දෙක තුළ එක් බැඳුම්කරයක් හෝ නිකුත් කර නැති අතර, 1977 සිට මේ දක්වා නිකුත් කරන ලද බැඳුම්කරවල පොළිය ගෙවීමටත්, කල් පිරෙන විට ඒවා නැවත මිලදී ගැනීමටත් ඔහුගේ රජය විසින් කළ යුතුව ඇත.

2020 සිට මේ දක්වා කිසිම ණය මුදලක් ගෝඨාභය රාජපක්ෂ රජය විසින් ලබා ගෙන නොමැත. පසුගිය රජයන් විසින් ලබාගත් පොළී වාරික ගෙවීම සඳහා නැවත නැවතත් ණය ගැනීමට, වර්තමාන රජයට සිදුවී ඇත. මේ තත්වය සමාන කළ හැක්කේ උරුලෑවන් විසින් කඩා බිඳ දමමින් අපවිත්‍ර කරමින් ගමන්කළ මාර්ගයක් යළි පිළිසකර කිරීමක් ලෙසින්ය.

රට තුළ ආර්ථික විශේෂඥයින්, බැංකු විශේෂඥයින් මෙන්ම විපක්ෂ කණ්ඩායම් වල කෑකෝ ගසන ආර්ථික ඔස්තාර්ලා ද සෘජුව සහ වක්‍රව මෙරට ආර්ථික විනාශය ඇති කිරීමට දායක වූ පිරිස් ද පවතින මේ තත්වය පිළිබඳව හොඳාකාරවම දනිති. එසේ වුවද ඔහු කිසිවක් නොදන්නා තාලෙට හැසිරෙති.

කොළඹ කුණු සියල්ලම බේරේ බොක්කට කියන්නාක් මෙන්, රට ගොඩ ගැනීමට යම් දැක්මක් තුළ කටයුතු කළ ජනාධිපති වරයාගේ ප්‍රතිරූපය බිඳ හෙළීමට ඔවුහු කුහකකමින් කටයුතු කරති. ඩොලර් හිඟයට හා රට තුළ විදේශ විනිමය හිඟකම මෙන්ම වර්තමාන අර්බුදය නිර්මාණය වී ඇත්තේ, වර්තමාන රජයේ ආර්ථික වැඩපිළිවෙළක් නොමැති කම නිසායැයි උලුප්පා දැක්වීමට ඔවුහු කටයුතු කරති.

Sponsored Article
තිරුවණී විජේසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...