නිෂ්පාදන ආර්ථිකයකට ගියා නම් අපේ රට මෙහෙම ණය වෙන්නෙ නෑ, අපට අනිත් රටවලට ණය දෙන්න තිබුණා – හඳුන්නෙත්ති

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කෘෂිකාර්මික යැපුම් ආර්ථිකයේ සිට නිෂ්පාදන ආර්ථිකයක් දක්වා අපේ රට ගෙනයාමට තිබුණු බවත් එසේ වූවා නම් මේ ආකාරයෙන් ණය වීමට සිදු නොවන බවත් ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

“කෘෂිකාර්මික යැපුම් ආර්ථිකයක ඉඳලා අපේ රට නිෂ්පාදන ආර්ථිකයකට යන්න තිබුණා, ඒ නිෂ්පාදන ආර්ථිකයට අපේ රට ගියා නම් අපේ රට මෙහෙම ණය වෙන්නෙ නෑ. සමහරවිට අපේ ආර්ථිකය නිවැරදි දිශාවට හරවා ගන්න ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණ නම් අනිවාර්යයෙන්ම අපේ අසල්වාසී රටවල්වලට ණය ගන්න රටක් නෙවෙයි, ණය දෙන රටක් බවට අපේ රට පත් කරන්න තිබුණා. නාස්තිකාර පාලකයින්ගේ ප්‍රතිපත්ති නිසා බංගලිදේශයෙනුත් ණය ගන්න මට්ටමට අපේ රට පත්වුණා. මේ මොහොතේ මේ සමාජයේ ජීවත් වෙන, අධ්‍යාපනය ලබන, වැඩ කරන, රැකියා කරන ඔබට මට විතරයි මේ සමාජ පරිවර්තනය සඳහා දායක විය හැක්කේ”

සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසුවේ සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් පැවත්වූ ශිෂ්‍ය වීර දින උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...