රනිල් වෙනුවෙන් කිත්සිරි සමග ත්‍රීරෝද රථ හිමියන් පෙරට ! (PHOTOS)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත වතාවක් ජනාධිපති ධුරයට පත් කිරීමේ ප්‍රචාරණ ව්‍යාපෘතියක් වශයෙන් ත්‍රීරෝද රථවල ස්ටිකර් ඇලවීමේ වැඩසටහනක් අද (22) කොළඹ, මරදාන, සුදුවැල්ල ප්‍රදේශයේදී පැවැත්විණි.

ඒ, එක්සත් ජාතික පක්ෂයේ මැද කොළඹ ආසන සංවිධායක කිත්සිරි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

“අභියෝගයට බය නැති රනිල් නැවත ජනපති කරමු” යනුවෙන් සඳහන් ස්ටිකර් ත්‍රීරෝද රථවල ඇලවීම මෙහිදී සිදුකෙරිණි.

ත්‍රීරෝද රථ හිමියන් රැසක් මෙම අවස්ථාවට ස්වේච්ඡාවෙන්ම එක්ව සිටි අතර ඔවුන් පැවසුවේ මීට වසර දෙකකට පෙර ඉන්ධන නොමැති වීම නිසා දින ගණන් පෝලිම්වල සිටින්නට සිදුවූ ආකාරය තමන්ට මතක බවත් මේ වනවිට රනිල් වික්‍රමසිංහ මහතා ඒ තත්වය දුරු කර ඇති අතර නැවත එවැන්නක් සිදු නොවීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාටම තවත් ධුර කාලයක් රට පාලනය කිරීමේ අවස්ථාව ලබාදිය යුතු බවත් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...