දුම්රිය ගාස්තුත් වැඩිකිරීමට කැබිනට් අනුමැතිය

දුම්රිය ගාස්තු වැඩිකිරීමක් සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු බව ප්‍රවාහන අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.

“දුම්රිය ගාස්තු සංශෝධනයකට අපි අනුමැතිය ලබාගත්තා. 29 වෙනිදාට මේ ගාස්තුව අදාළ වෙන්නෙ නෑ. හුඟක් වෙලාවට 30 වෙනිදා ඉඳලා නව ගාස්තුවට තමයි ධාවනය කරන්න සිද්ධ වෙන්නෙ. ඉතාම සුළු ගාණකින් තමයි – දුම්රියේ 3 වෙනි පන්තියේ පළවෙනි කිලෝමීටර් 10ට දැනට තියෙන ගාස්තුව තමයි රු. 1.30ක්. ඒක රුපියල් 2 දක්වා වැඩිවෙනවා. කිලෝමීටර් 10ටම යන්න ගත්තොත් රු. 20ක් තමයි ගාස්තුව වෙන්නෙ”

අමාත්‍ය දිළුම් අමුණුගම මහතා මේ බව පැවසුවේ ඊයේ (28) පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...

ඇමෙරිකාව හා ඊශ්‍රායලය යළි ප්‍රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපයේ තෙල් හා AI මධ්‍යස්ථානවලට පහර දෙන බවට ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : ඇමෙරිකා...

NDTV World Summit හිදී නි. අමාත්‍ය චතුරංගගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ශ්‍රී ලංකාවෙන් මාලදිවයිනට රු. මිලි. පහක අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...