ඉන්දියාවේ වැදගත්කම

Date:

කුමන ආණ්ඩුවක් බලයේ සිටිය ද අසල්වැසි ඉන්දියාව සමඟ ඇති සබඳතා ශක්තිමත් කර ගත යුතුය. ලෝකයේ වෙනත් බලවත් රටවලට වඩා භූ දේශපාලනික වශයෙන් ශ්‍රී ලංකාවට වැදගත්ම රාජ්‍යය වන්නේ ඉන්දියාවය. දකුණු ආසියානු කලාපයේ බලවත්ම රාජ්‍යය හැටියට ද ඉන්දියාව අපට සුවිශේෂී වෙයි. ශ්‍රී ලංකා ආර්ථික ගමන රැඳී ඇත්තේ ඉන්දීය වෙළෙඳපොළ මත යැයි සමහරු පෙන්වා දෙති. ආර්ථික විශේෂඥයන්ගේ මතයට අනුව ශ්‍රී ලංකාවට, ඉන්දියාව නම් මහා වෙළෙඳපොළ ස්වභාවයෙන්ම උරුම වී ඇත. එහෙත් එම උරුමයෙන් නිසි ප්‍රතිඵල නෙළා ගැනීමට අප තවම සමත් වී නැත. ඉන්දියාව සම්බන්ධයෙන් ශ්‍රී ලාංකේය සමාජය තුළ පවත්නා වැරැදි මත ඊට එක්තරා හේතුවකි.ඉන්දියාව යනු ශ්‍රී ලංකාව ගිල ගැනීමට මාන බලන යක්ෂයකු යැයි භීතිකාවක් දීර්ඝ කාලයක සිට අප අතර පවතී. එය දේශපාලකයන් විසින් ගොඩනඟන ලද භීතිකාවකි. ඉන්දීය ව්‍යාප්තවාදය නම් වූ සංකල්පයක් ද ඒ සඳහා ඉදිරිපත් කර තිබිණි.

එකිනෙක දේශපාලන ව්‍යාපාර තම තමන්ගේ වාසිය උදෙසා සමාජගත කර ඇති සංකල්ප හා මතවාද නිසා ඉන්දු ලංකා සබඳතාවලට අහිතකර බලපෑමක් එල්ල වී ඇත. ඉන්දියාව සමඟ ගිවිසුමක් අත්සන් කළොත් එය විවේචනය කරන්නට විශාල පිරිසක් ඉදිරියට එති. එහෙත් ඉන්දියාවෙන් අපට ලැබෙන වාසි ගැන කතා කරන්නට කිසිවකු නැත. භීතිකාවලට හා විවේචනවලට අනුගත වෙමින් රටක විදේශ ප්‍රතිපත්තිය හසුරවන්නට ගියහොත් රට තවත් බරපතළ අමාරුවක වැටෙන්නට පුළුවන.මේ වන විට දෙරට අතර ශක්තිමත් ආර්ථික ක්‍රියාවලියකට අවශ්‍ය පදනම වැටී ඇත.

එය නිසි ලෙස කළමනාකරණය කර ගැනීමේ වගකීම ආණ්ඩුව වෙත පැවරෙයි. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් පමණක් නොව; එරට දේශපාලනයේ ප්‍රධාන චරිත ගණනාවක්ම ශ්‍රී ලංකාවට ගෞරවය හා ආදරය නොඅඩුව පුදන රාජ්‍ය තාන්ත්‍රිකයෝය. අපේ මුදල් අමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරයෙන් පසු ඉන්දීය සහයෝගීතාව අලුත් ප්‍ර‍වේශයකට පැමිණ තිබේ. ඉන්දියාව අප කෙරෙහි දක්වන විශ්වාසය ද එයින් පැහැදිලි වෙයි. අගමැති නරේන්ද්‍ර මෝදි වරක් පෙන්වා දුන්නේ ඉන්දියාවේ විශ්වාසවන්තම මිත්‍රයා හා ඥාතියා ශ්‍රී ලංකාව බවය. අප මේවා දෙස සුබවාදී ඇසකින් බැලිය යුතුය.බිම්ස්ටෙක් පස්වන සමුළුව කොළඹදී පැවැත්වීමට තීරණය වීමත් අප ලැබූ ජයග්‍රහණයකි. කොවිඩ් වසංගතයෙන් පසු බෙංගාලබොක්ක ආශ්‍රිත රටවල ආර්ථික තත්ත්වය නැංවීම උදෙසා සහයෝගයෙන් ක්‍රියාකිරීම සමුළුව පැවැත්වීමේ අරමුණ වෙයි.

මෙහිදී දේශගුණික විපර්යාසවලට මුහුණදෙමින් කෘෂිකර්මාන්තය දියුණු කරන්නේ කෙසේ ද යන ගැටලුවට ද විසැඳුම් සෙවීමට අපේක්ෂිතය. ශ්‍රී ලංකාවේ නියෝජිතයකු ද කෘෂිකර්මයේ අත්දැකීම් අළලා ඉදිරිපත් කිරීමක් සිදු කිරීමට නියමිතය. ඉන්දියාව බිම්ස්ටෙක් සමුළුවේ ප්‍රධාන චරිතය ලෙස සැලැකිය හැකිය. ඉන්දියාව, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, නේපාලය, තායිලන්තය, මියන්මාරය, භූතානය යන රටවල් බිම්ස්ටෙක් සමුළුවට අයත්ය. මේ අවස්ථාවේ බිම්ස්ටෙක් සමුළුවෙන් ද අපට බොහෝ දේවල් ලබා ගත හැකිය.

#ඇත්ත Facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව ගාල්ල මහ නගරසභාවේ අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජනබලවේගයට බලය හිමි ගාල්ල මහ...

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...