ඉරාන ජනාධිපතිවරණයේ පෙසෙෂ්කියන් ඉදිරියෙන්

Date:

සටහන : සශිකලා මධුෂාණි, ජුනි 29,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මේ වසර මුලදී හෙලිකොප්ටර් අනතුරකින් මියගිය ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අනුප්‍රාප්තිකයා තෝරා ගැනීම සඳහා ඊයේ(28)දිනයේදී ඉරානයේ පැවති ජනාධිපතිවරණයේදී ගණන් කරන ලද ජන්ද මිලියන 14කට අනුව මධ්‍යවාදී පෙසෙෂ්කියන් (Massoud Pezeshkian)ඡන්ද මිලියන 5.9 කට වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇති බව වාර්තා වේ.

ඔහු ඉරාන හෘද ශල්‍ය වෛද්‍යවරයෙක් සහ ප්‍රතිසංස්කරණවාදී දේශපාලනඥයෙකු වන අතර පෙසෙෂ්කියන් හා තරඟ කළ ඔහුගේ දැඩි අභියෝගකරු හිටපු න්‍යෂ්ටික සාකච්ඡාකරුවන දැඩි මතධාරී ජලිලි, ( Saeed Jalili) මිලියන 5.5 කට වඩා වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇති බවයි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ තාවකාලික ප්‍රතිඵල පෙන්වා දෙන්නේ,

ආර්ථික දුෂ්කරතා සහ දේශපාලන හා සමාජ නිදහසට ඇති සීමා කිරීම් පිළිබඳ මහජන අතෘප්තිය මගින් අවුලුවන ලද නොසන්සුන්තා මධ්‍යයේ මෙවර මැතිවරණය පැවැත්වුණු අතර ප්‍රකාශ කරන ලද සියලුම ඡන්ද පත්‍රිකාවලින් අවම වශයෙන් 50%ක්වත් එක් අපේක්ෂකයකු ලබා ගැනීමට අපොහොසත් වන්නේ නම් ප්‍රතිඵලය ප්‍රකාශ කිරීමෙන් පසු පළමු සිකුරාදා වැඩි ජන්ද ලබාගත අපේක්ෂකයන් දෙදෙනා අතර ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදුවනු ඇත.

මීළඟ ජනාධිපතිවරයා ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන හෝ මැද පෙරදිග පුරා සිටින මිලීෂියා කන්ඩායම් සඳහා සහාය දැක්වීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රධාන ප්‍රතිපත්තිමය වෙනසක් සිදු කරනු ඇතැයි අපේක්ෂා නොකරන අතර ඒවා ඉරානයේ උත්තරීතර නායකයා වන අයතුල්ලා අලිකමෙනි හරහා සිදු වීමට නියමිතය.

කෙසේ වෙතත්, ජනාධිපතිවරයා දිනපතා රජය මෙහෙයවන අතර ඉරානයේ විදේශ හා දේශීය ප්‍රතිපත්තිවලට බලපෑම් කළ හැකි අතර පෙසෙෂ්කියන්ගේ ආර්ථික, සමාජ හා ප්‍රතිසංස්කරණ අදහස් දැඩි බටහිර විරෝධියෙකු වන ජාලීලිගේ අදහස් වලට වඩා බොහෝ සෙයින්ම වෙනස් වන බවයි විචාරකයන් සඳහන් කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැකෝ සමන්ගේ බිරිඳ යළි රිමාන්ඩ්!

කොළඹ LNW: මුදල් විශුද්ධිකරණය වැළක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර...

මකන්න හදන්න එපා,සුමේධ තවත් ඇඳ ඉවර නැති සිතුවමකි.

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: හෙල්ල වීසි කිරීමේ ඉසව්වකදී හෙල්ලයේ පියාසැරි...

අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී සමරයි!

කොළඹ LNW: අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී...

මන්ත්‍රී රවීගෙන් තවත් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

කොළඹ LNW:ආර්ථික අර්බුදයකට ලක්වී සිටින සුළු හා මධ්‍ය පරිමාණ...