නව සන්ධානයේ වැල්ලවාය රැළියට ජන ගඟක් – පොහොට්ටුවේ රාජ්‍ය ඇමති වියාලේන්ද්‍රනුත් නව සන්ධානයට!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා නව සන්ධාන පාර්ශවය විසින් ඒකාබද්ධව පවත්වනු ලබන ජන රැළි මාලාවේ දෙවන ජන රැළිය අද (29) දින පස්වරු 2.00 ට මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය නගරයේදී අති විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් යුතුව ඇරඹුණි.

“දිනුම රටට – එක්ව පෙරට” යන තේමාව යටතේ විශල ජනතා සහභාගිත්වයකින් යුතුව ඇරඹි වැල්ලවාය ජන රැළිය විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා විසිනුයි සංවිධානය කර තිබුණේ.

එහිදී ජාතික නිදහස් පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා වෙළෙඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය එස්.වියාලේන්ද්‍රන් ශ්‍රිලනිප හා නව සන්ධාන වේදීකාවට එක්වීමද සිදුවිය.

ශ්‍රිලනිප – නව සන්ධාන ජන රැළි මාලාවේ වාර්තාගත ජනතාවක් වැල්ලවාය ජන රැළියට සහභාගි වීම විශේෂත්වයක් වන අතර ආර්ථිකය හා රට නිවැරදි දිශානතියකට ගෙන යා හැකි බලවේගය ශ්‍රිලනිපය හා නව සන්ධානය බැවින් ප්‍රගතිශීලි ජනතාව, දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන දිනෙන් දින සන්ධානය වටා ඒකරාශී වෙමින් සිටින බවත් ඉදිරියේදී දැවැන්තම සන්ධානය ගොඩ නඟන බව සන්ධාන නයකයින් ප්‍රකාශ කරයි.

මෙම ජන රැළියට නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, ජගත් පුෂ්පකුමාර, අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලාන්සා, එස්.වියාලේන්ද්‍රන්, ජගත් ප්‍රියංකර ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, නව සන්ධානයට සහය දක්වන පළාත් සභා මන්ත්‍රීවරුන්, නගරාධිපතිවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, වෘත්තිය සමිති නියෝජිතයින් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් රැසක් සහභාගි වී සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...