කොළඹ රාජකීය ගොල්ෆ් සමාජය ඊගලස් කුසලාන ත්‍රීමලේ සිට කොළඹ ගෙන එති

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 01, (LNW) කොළඹ :

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස් සහ කෝර්ස් විසින් ත්‍රිකුණාමලය චීන වරාය පරිශ්‍රයේ පිහිටි ගොල්ෆ් පිටිය කේන්ද්‍ර කරගෙන සංවිධානය කරන්නට යෙදුණ,ඊගලස් කුසලානය වෙනුවෙන් පැවති අන්තර් සමාජ ගොල්ෆ් තරගාවලියේ සූරතාවය තරංග ගුණසේකරගේ නායකත්වයෙන් යුත් කොළඹ රාජකීය ගොල්ෆ් සමාජය විසින් දිනා ගන්නට සමත් විය.


එක් කණ්ඩායමකට අවම වශයෙන් ක්‍රීඩිකාවන් දෙදෙනකු ඇතුළු ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත් වූ අතර මෙම තරගාවලියට Eagles’ Golf Link, Royal Colombo Golf Club, Victoria Golf Resort සහ Nuwara Eliya Golf Club තරග වැදිණි.එහිදි කණ්ඩායමක ලකුණු තීරණය කරනු ලැබුවේ අවසාන ලකුණු තීරණය කරනු ලැබුවේ එක් එක් කණ්ඩායමෙන් ලබා ගත් හොඳම ලකුණු දහය සලකා බැලීමෙනි.
පිළිවෙලින් ගෲප් කපිතාන් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු සහ එයාර් වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්න පිරිමි අංශයේ Pin සූරතාවය සහ දිගම පහර වෙනුවෙන් සම්මානනීය විය.සඳුනි වන්සිංහ කාන්තා අංශයේදී මෙම දක්ෂතා දෙකටම හිමි සම්මාන හිමිකර ගත්තාය.තරග සමාරම්භයේ දී මෙන්ම සමාප්ත උත්සවයේ ද ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ සහභාගී විය.සමාප්ත උත්සවයේ ත්‍යාග ප්‍රදානෝත්සවයට මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්න ද එක් විය.


මෙම තරඟාවලිය සඳහා ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස DIMO අනුග්‍රහය දක්වන ලද අතර බැංකු හවුල්කරු ලෙස ලංකා බැංකුව සහ ශ්‍රී ලංකාවේ CATIC විසින් සම අනුග්‍රහය දැක්වීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආර්ථිකමය වශයෙන් ලොව ධනවත්ම රටවල් දහයෙන් හතක්ම යුරෝපයෙන්!

සටහන – පුලී නොවැම්බර් 06, කොළඹ (LNW): ආර්ථික බලය යනු බොහෝ...

ආණ්ඩුවේ අයවැයට මුහුණ දෙන්න විපක්ෂයට වැඩමුළුවක්!

කොළඹ LNW: ජාතික ජන බලවේගය ආණ්ඩුවේ දෙවෙනි අයවැය පිළිබඳව...

හෝමාගමින් මතු වූ හෙරෝයින්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : කැළණිය කොට්ඨාස අපරාධ...

මිෂෙල්ගේ ඇඟ හිරිවැටෙන වික්‍රමාන්විතය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලෝකයේම අවධානය...