අපේක්ෂාවේ දරුවන්ට අපේක්ෂාවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 03, කොළඹ (LNW):

ලොව පවතින බෝනොවන රෝග අතරින් වඩාත් භයානකම රෝගයක් ලෙස පිලිකා රෝගය හැඳිවීම අවිවාදිතය.

මෙලෙස මෙම අවාසනාවන්ත ලෙස පිලිකා රෝගයට ගොඳුරු වූ සුවහසක් දෙමාපියන් අතරින් ඔවුන්ගෙන් යැපෙන උසස් පෙල දරුවන්ට ෆැඩ්නා වෙතින් ශිෂ්‍යත්වයක් ලබාදීමට තීරණය කිරීම ඉතා මහඟු පුණ්‍ය කටයුත්තක් ලෙස දැකිය හැක.

පිලිකාවක් වැලදුන කෙනෙකුටත් වඩා ඔහු හෝ ඇයගෙන් යැපෙන්නනන් අන්ත අසරණ බව අද සමාජ සිදුවීම් මදක් පිරික්සීමේදී දැකගත හැක.

විශේෂයෙන් පිලිකා සෑදුන දෙමාපියන් නිසා දරුවන්ගේ අධ්‍යාපනයද කඩා වැටෙන බව ප්‍රකට කරුණකි. මෙම උවදුර වටහාගත් දිවයිනේ ප්‍රකට වෙළද සන්නාමයක් වන “ෆැඩ්නා” මොරටුව “නිව් හොරයිසන්” සිංහ සමාජය හා එක්ව පිලිකා වැලදුන දෙමාපියන්ගේ උසස් පෙල දරුවන් වෙනුවෙන් මුල්‍යමය ශිෂ්‍යත්ව ලබාදීමේ ගිවිසුමක් පසුගියදා අත්සන් කරනා ලදි.

පවතින ආර්ථික අර්බූද හමුවේ මෙවැනි පිලියමක් එම දරුවන් වෙනුවෙන් ලබාදීමට ඉදිරිපත්වීම ගැන මෙහි මුල්‍යමය දායකත්වය දරනු ලබන “ෆැඩ්නා” ආයතනයට ස්තූතිවන්ත විය යුතුය. මෙම වටිනා සාමාජීය කාර්‍යභාරය ගැන දැනුවත් කිරීමට පසුගියදා කොලඹ ගංගාරාමයේදී පැවති මාධ්‍ය හමුවට සර්ව ආගමික පූජකතුමන්ලාද පැමිණ සිටියහ. මෙම සමාජීය ක්‍රියාවේ වටිනාකම අවබෝධ කරගත් නිසා ඔවුන් පැමිණි බව සථීරයෙන්ම කිව හැක.


ෆැඩ්නා ආයතනය කොලඹ විශ්ව විද්‍යාලය හා එක්ව හඳුන්වාදුන් නව නිපැයුම් 4 අතුරින් එක් නිෂ්පාදනයක් වන වර්නොලැක් (Verenolac) නිෂ්පාදනයෙන් ලැබෙනා ලාභයෙන් කොටසක් මෙම සත්ක්‍රියාව සදහා යෙදවීම විශේෂිතය.මෙය කොලඹ විශ්ව විද්‍යාලයේ ආචාර්‍ය සමීර සමරකෝන් මහත විසින් පර්යේෂන කොට සොයාගන්නා ලද්දකි.

පිලිකා වැලදුන දෙමාපියන්ගේ දරුවන්ට ලබාදිය හැකි උපරිම සහනය නම් එම දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය මූල්‍ය්‍යමය ආධාරය ලබාදීම බව මෙහිදී ෆැඩ්නා අධිපති චමේන්ද්‍ර සෝමතුංග මහතා අවධාරණය කළේය.

තොරතුරු ලබාදීම – උපුල් දේවප්‍රිය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (12) දවසේ තද වැසි ලැබෙන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 12) දිනයේදී බස්නාහිර සහ...

රටේ පොඩි දැරියන් සිහින දකින්නේ කවදාහරි ලක්මාලි හේමචන්ද්‍ර වගේ වෙන්නයි – අගමැති හරිනි

පාර්ලිමේන්තුව නරඹන මෙරට කුඩා දැරියන් සිටින දකිමින් සිටින්නේ ලක්මාලි...

වී වගාවේ පිරිවැය අදටත් වැඩියි. ඉහළ අස්වැන්නක් සඳහා නවීන තාක්ෂණය භාවිතා කළ යුතුයි – සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල අප රටේ සහල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන්...

කප්පම් නඩුව : ප්‍රසන්න ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම ප්‍රසන්නම ඉල්ලා අස්කර ගනී

සටහන - රුවන් නෙළුගොල්ල බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු...