බැසිල් වෙලාවට ෂොට් එක දෙයි – ජොන්ස්ටන්

Date:

කොළඹ LNW:තිරය පිටුපස සිට සියල්ල මෙහෙයවිය හැකි දක්ෂම සංවිධායකවරයා බැසිල් රාජපක්ෂ මහතා වන අතර පෙර මෙන් මෙවරද රටේ ජනාධිපති බිහිකරන වැඩපිළිවෙලට නිසි වෙලාවට නිසි පිළිතුරු දෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේය.

ඒ, අද (03) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

සෙසු පක්ෂ හා කණ්ඩායම් විසින් බැසිල් රාජපක්ෂ මහතා වෙත පහර දෙන්නේ ඔහු දක්ෂයෙකු වන නිසා බවද ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කියාසිටියේය.

”බැසිල් වැඩ්ඩා ඒකනේ ගහන්නේ. මේ පාරත් ගේම අනිවාර්යයෙන් ගහනවා. ඕක ලේසි පහසු වෙන්නේ නැහැ. ඒකනේ ගහන්නේ. අදක්‍ෂයෙක් නම් මේ මනුස්සයගේ නමවත් මතක් කරන්න ඕනේ නෑනේ. වැඩ්ඩා නිසා තමයි ගහන්නේ. අද සියලු පක්ෂ ගත්තම තිරය පිටුපස ඉඳලා මෙහෙයවන්න පුළුවන් දක්ෂම සංවිධායකවරයා බැසිල් රාජපක්ෂ මැතිතුමා. මේ පාරත් රටේ ජනාධිපති බිහිකරන වැඩපිළිවෙලට හරියට ෂොට් එක ගහයි.”

මේ මොහොතේ කිසිලෙසකින් ආණ්ඩුවෙන් ඉවත්වීමක් සිදුනොවන බවත් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව අපේක්ෂකයා කවුද යන්න ප්‍රකාශ කරන බවද ඔහු සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිස්මස් දූපත 2026 වර්ෂය උදා වූ පළමු රාජ්‍ය බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ක්‍රිස්මස් දූපත...

ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවෙන් වාර්තාගත ආදායමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ ඉතිහාසය තුළ ලබූ...

දිට්වා නිසා පූර්ණ හානි වූ වී ඇතුළු ධාන්‍ය වගා වෙනුවෙන් වන්දි ගෙවීම අවසන් අදියරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ වගාවන්ට...