පොලිස් ස්ථානාධිපතිවරයකුට පහරදීමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 04,, කොළඹ (LNW):

තලාව කරගහවැව සුමුදුගම ප්‍රදේශයේදී වැටලීමකට ගිය තලාව පොලිස් ස්ථානාධිපතිවරයාට ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

නීති විරෝධී අයුරින් මත්පැන් නිෂ්පාදනය කරන බවට ලැබුණ තොරතුරකට අනුව සුමුදුගම ප්‍රදේශයේ වැටලීමක් ක්‍රියාත්මක වී ඇති අතර, එහිදී මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි ප්‍රධාන සැකකරු සහ තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු පොලීසියට විරෝධය පල කර තිබෙන බව සඳහන් වේ.

ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී , තලාව පොලිස් ස්ථානාධිපති මහින්ද බණ්ඩාර ලන්සක්කාර මහතාට තියුණු ආයුධයකින් පහර දුන් බව තොරතුරු සඳහන් වේ.

හිසට හා අතකට කැපුම් තුවාල සිදුවීම හේතුවෙන් ඒ මහතා තලාව රෝහලට ඇතුළත් කර ඇති බවත්, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙන බව වැඩිදුරටත් තොරතුරු වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...

ADB වෙතින් මහවැලියට ඩො.මි. 200ක ණය පහසුකමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 ,කොළඹ LNW : මහවැලි ගඟේ අතිරික්ත...

චීනයේ ඉහළම වාර්ෂික ආර්ථික කාර්ය සැසිවාරය චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:චීනයේ මධ්‍යම ආර්ථික කාර්ය සැසිවාරය දින දෙකක් පුරා...

පා.ම. අශෝක රන්වල අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12, කොළඹ LNW : අන්ත්‍රාදායක ලෙස...