ගම්මන්පිල ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ගෙඩිය පිටින් ඉන්දියාවට දෙන්නයි යන්නේ – ආනන්ද (VIDEO)

Date:

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ගෙඩිය පිටින්ම ඉන්දියාවට ලබාදීම සඳහා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කටයුතු කරමින් සිටින බව ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති නායකයකු වන ආනන්ද පාලිත මහතා පවසයි.

“ඔබට මතක ඇති ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ගැන ගම්මන්පිල අමාත්‍යවරයා කරපු ප්‍රකාශ. ඉන්දු – ලංකා ගිවිසුමෙන් සදාකාලිකවම ටැංකි 99 දුන්නා කිව්වා. පුළුවන් නම් පෙන්වන්න කිව්වා අවුරුදු 35කට තියෙන බදු ගිවිසුමක්. එහෙම එකක් නැහැයි කිව්වා. මම යන්නෙ ටැංකි ටික ආපසු ගන්න කිව්වා. මාර්තු 16 අග්‍රාමාත්‍යවරයා ඉදිරියේදී කොලොන්නාවෙදි කිව්වා මම සුබදායක පණිවිඩයක් කියනවා, ඉන්දීය මහකොමසාරිස් එකඟ වුණා නොබෝ දිනකින්ම ටැංකි ටික අපට ලැබෙනවා කියලා.

දැන් එතුමා ආණ්ඩුව ගැසට් රිවස් කළා වගේ තමන් කියපු සියලුම දේ රිවස් කරලා අද ඔහු කියපු සියලු දේ බොරුයි කියලා පිළිගන්නවා, මොකක්ද ඒ ? මේ තියෙන්නෙ ඇමතිගේ ලියුම. ගෙඩිය පිටින් අපට ගන්නවායි කියපු ඇමති ! 2018 ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දෙකක් දැම්මා ත්‍රිකුණාමලයේ තෙල් ගිවිසුමක් නැහැ, ඒක අක්‍රියයි කියලා. අධිකරණයේ නඩු දෙකක් තියෙනකොට යහපාලන රජය මේකම කරන්න යනකොට අපි පැහැදිලිවම කිව්වා නඩු තියෙද්දී මේ ක්‍රියාමාර්ග ගන්න එපා කියලා. ඒ වගේම ගත්තෙ නෑ. අද නීතීඥ උදය ගම්මන්පිල ඇමතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දෙකක් තියෙද්දී ලියනවා තෙල් සංස්ථා සභාපතිට ( IOC නෙවෙයි ) 2021.12.20 ට්‍රින්කො පෙට්‍රෝලියම් ටර්මිනල් ලිමිටඩ් කියලා එකක් පිහිටුවන්න. දැන් තියෙන්නෙ එකක් සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල් ලිමිටඩ් කියලා, අන්න ඒකෙ දෙක.

මේ යන්නෙ මොකටද ? ගෙඩිය පිටින් දෙන්න. දැන් ඇමති කිව්වා ඉන්දියාවට සදාකාලිකව ටැංකි දීලා කියලා. එහෙම දීලා නම් මේ ලියුම ලියන්න ඕනේ ඉන්දීය බලශක්ති ඇමති LIOC සභාපතිට. නමුත් මේ ලියන්න ලංකාවෙ බලශක්ති ඇමති. ඉන්දියාවට සදාකාලිකව දෙයක් දුන්නා නම් ඒකට මෙහෙම ලියන්න මෙයාට බලයක් තියෙනවාද ? මේ පට්ටපල් බොරු කියලා ජාතියේ මර්මස්ථානය LIOC එකට දෙන්න මේ ලියන්නෙ”

ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ එක් අරමුණක් වූයේ ද මෙම තෙල් ටැංකි ඉන්දියාවට පාවාදීම වැළැක්වීම බව සිහිපත් කළ ආනන්ද පාලිත මහතා එම විශ්වාසභංගය පරාජයට පත්කළ ආණ්ඩුවේ සියලු දෙනා මේ මහා පාවාදීමට වගකිවයුතු බවත් සඳහන් කළේය.

ආනන්ද පාලිත මහතා මේ බව පැවසුවේ ඊයේ (27) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලහත්කාරයෙන් අතුරුදහන් කළ වූවන්ට යුක්තිය පතා අධිෂ්ඨාන පූජාවක්! (PHOTOS)

කොළඹ LNW: බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩට...

හිතාගන්නත් බැරි බලයක් එක්ක මධ්‍යම කඳුකරය රැකගන්න අධිකාරියක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මධ්‍යම කඳුකරයේ ඉදිරි පැවැත්ම සහ ආරක්ෂාව...

රට සමාජයීය වශයෙන් ගොඩනැඟීමට නම් සියලු යහපත් සබඳතා යළි ස්ථාපිත කළ යුතුයි – ජනපති අනුර

රෂිකා හෙන්නායක ජනවාරි 27, කොළඹ LNW : දිට්වා සුළි කුණාටුවෙන්...

රුමේනියා යන සිහිනය සැබෑවෙයිද?

රෂිකා හෙන්නායක ජනවාරි 27 , කොළඹ LNW : ශ්‍රී ලංකාව...