හිටපු රග්බි සභාපති ඉල්ලියාස් විශ්‍රාමික ජ්‍යෙෂඨ පොලිස් අධිකාරී නෙරංජන්ගේ ගුණ වයයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 05, (LNW) කොළඹ :

ශ්‍රී ලංකා පොලිසීය 90 දී යුදමය තත්ත්වය නිසා පසුබෑමක් පෙන්වන තෙක්ම 80 දශකයේ අග භාගයේ දී ශ්‍රී ලංකා රග්බි කේෂ්ත්‍රයේ මහත් පෙළහර පෑ කණ්ඩායම විය. මාසෝ, පාලිත, නෝමන්, ජමාල්ඩීන්,නිරංජන් ලෙස රගර් සමාජය ගෞරවයෙන් සැළකූ ඒ ක්‍රීඩා පෞරුෂයන් ගැන යළිත් සිහිපත් කරන්නට කටයුතු කළේ හිටපු රගර් සභාපති රිස්ලි ඉල්ලියාස් ය.ඒ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නෙරංජන් අබේවර්ධනගේ විශ්‍රාම දිවියට සුබ පැතීම සඳහා පොලිස් උද්‍යානයේ සංවිධානය කර තිබුණු උත්සවයකට එක්වෙමින්ය.
ජ්‍යෙෂ්ඨ පොලිස් පරිපාලකයෙක් මෙන්ම ශ්‍රී ලංකා රග්බි (SLR) කවුන්සිලයේ ප්‍රධාන සාමාජිකයෙකු ලෙසත්, ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ අනාගතය හැඩගැස්වීම සඳහා ශ්‍රී ලංකා රග්බි තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙසත් ඔහු රග්බි වෙනුවෙන් කරන ලද සේවයද රගර් තරමට ප්‍රසංසනීය එකකි.
ඒ මතකය අවදි කරමින් ඔහ‍ු පොලිස් ක්‍රිඩා සමාජයේ පෙළහර පාන සමයේ පීටර්සන් ක්‍රිඩා සමාජය නියෝජනය කළ ඉල්ලියාස් පරණ මතක ඔස්සේ දෙපිළක සිටිය ද,තමන් අතර ගොඬ නැඟණු සුහදතාවය කරා සිය වචන මෙහෙය වූවේය.


ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවට නිරංජන්ගේ බලපෑම ගැඹුරු ය. ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජයේ හිටපු ක්‍රීඩකයෙකු ලෙස ඔහු පිටියේදී තම දස්කම් ප්‍රදර්ශනය කළා පමණක් නොව සුවිශේෂී නායකත්වයක් සහ ක්‍රීඩාශීලිත්වයක් ද ප්‍රදර්ශනය කළේය. ක්‍රීඩාවට ඔහුගේ දායකත්වය නොමැකෙන සලකුණක් ඉතිරි කර ඇති අතර, ඔහු සම වයසේ මිතුරන්ගෙන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගෞරවයට හා ප්‍රසාදයට ලක් විය. තව දුරටත් නෙරංජන් මතකය රග්බි ක්‍රීඩාවේ මනරංජන සිහිවටනයක් වන තැන් මතු කර පෙන්නුවේය.


ඔහුගේ වෘත්තීය ජයග්‍රහණවලින් ඔබ්බට, අනාගත පරපුර පෝෂණය කිරීම සඳහා තම කාලය සහ විශේෂඥභාවය කැප කරමින් ක්‍රීඩාවේ තරුණ සංවර්ධනය සඳහා දුන් ප්‍රබල සහය අගය කළ ඉල්ලියාස්, ඔහු විවිධ රග්බි කමිටු සමඟ සම්බන්ධ වීම සහ ක්‍රීඩාවේ වර්ධනය අඛණ්ඩව පවත්වා ගැනීමට දක්වන කැපවීම හරහා ශ්‍රී ලංකා රග්බි නිලධාරියෙකු ලෙස ඔහුගේ කැමත්තේ සහ කැපවීමේ දිශාන්තිය පෙන්වා දුන්නේය.
ඔහු සේවයට, ක්‍රීඩාවට සහ ප්‍රජාවට නොසැලෙන කැපවීමේන් ඉතිරි කර යන උරුමයන් ගැන ආවර්ජනය කළ යුුතු බව පෙන්වා දුන් හිටපු සභාපතිවරයා ඔහුට සුබ විශ්‍රාම දිවියක් පතන අතරේම අඛණ්ඩව සිය දායකත්වය ශ්‍රී ලංකා රගර් වෙත ලබා දෙන ලෙස ඉල්ලීමක් ද කළේය.මේ වන විට රගර් ක්‍රීඩාවේ දැවන්ත අක්‍රමිකතා සහ ඒ නිසා වන පසුබෑම් පෙන්නා දෙමින් සිටින හිටපු සභාපති ඉල්ලියාස්,මේ මොහොතේ නෙරංජන් අබේවර්ධන හිටපු ජ්‍යෙෂ්ඨ අධිකාරිවරයා විසින් ඉතාමත් උවමනාවෙන් සහ ගෞරවයෙන් සිය විශ්‍රාම උත්සවය සඳහා කැඳවා ගැනීම රගර් කේෂ්ත්‍රයේ ද දැඬි අවදානයට ලක් වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක ඇතුළු සජබ මන්ත්‍රීවරුන්ගෙන් කතානායකගේ හැසිරීමට විරෝධයක්!

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : විපක්ෂ නායක සජිත්...

බිහිසුණු එයාර් ඉන්දියා ගුවන් අනතුරට හේතුව කෝ පයිලට් ඇද්ද වැරදි ලීවරය ද?

සටහන – පුලීජූනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා විශේෂඥයෙකු...

කොච්චර කිව්වත් පිළිගත්තේ නෑනේ.ඩීල් නෑ කියපු ජේවීපී ඒකේ ඩීල් දැමිල්ල කොහොමද? (VIDEO)

කොළඹ LNW: යටින් ඩීල් දැමිල්ල ජනතා විමුක්ති පෙරමුණට එදා...

පොලිස් සැරයන්වරයෙකුට වන අලි ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : වන අලියෙකු පහරදීමෙන්...