*
Sunday, October 6, 2024
spot_img

Latest Posts

මස් රාත්තලම ඉල්ලන (ශයිලොක්) ගුරුවරු

සටහන – රත්නපාල ගමගේ

ජූලි 06, (LNW) ස්විස්ටර්ලන්තය: ගුරුවරු දෙවිවරුන් ලෙසට සැලකූයේ ඔවුන් සිසුවන්ගේ මනස පුබුදුවන උත්තරීතර කොටසක් නිසාය. වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් විද්‍යාඥයෙක් බිහිවන්නේ ගුරුවරයා නිසාය. එනිසා සමාජයෙන් ගුරුවරයාට ලැබෙන්නේ ඉතාම වටිනාකමකි. එවන් දෙවිවරුන් වන් ගුරුවරු අද පාරවල්වල හංදිගානේ බෝඩ්ලෑලි ඔසවාගෙන දියව් දියව් වැටුප් දියව් යනාදී උද්ඝෝෂණවල යෙදෙමින් පොලිස් කාරයන්ගේ කඳුළු ගෑස්කමින් ගුරු ගෞරවය බල්ලට යවන ආකාරය දුටු විට සිත්වල ඇතිවන්නේ සංවේගයකි.

ඈත ඉතිහාසයේ ගුරුවරයා දිසාපාමොක්ය අවට සිටින රජවරු අගමැතිවරු ආදී ප්‍රභූන්ගේ පුතුන්ට අධ්‍යාපනය දෙන්නේ දිසාපාමොක්ය. අධ්‍යාපනය ලබා දී හොඳම සිසුවාට අධ්‍යාපනය ලබාදෙන අවසන් දිනයේදී තම දියණියත් සරණ පාවාදී ගම රට පිටත් කර යැවීම දිසාපාමොක්ගේ සිරිත බව ඉතිහාසයේ කියැවේ .

එසේම බොහෝ ගුරුවරු අගහිඟකම් ඇති සිසුන්ට පිහිට වෙති. ඒ ගුරුවරයාගේ හදවත උණුවන නිසාය. මූසිල තමන්ට එරෙහි වන බව දැන දැනම ගුත්තිල ශිල්ප ඉගැන්වූ බව ගුත්තිල ජාතකය පිළිබිඹු කරයි. මෙවන් සම්භාවනීය වෘත්තයක් අද පරිවර්තනය වී තිබෙන්නේ මුදලට විකිණෙන ආකාරයටය. පෞද්ගලික මුදලින් අධ්‍යාපනය ලබනවාට විරුද්ධ යැයි කියමින් ගුරුවරු අද බොහෝමයක් දෙනා ටියුෂන් දෙති. ඔන්ලයින් ක්‍රමයට උගන්වති. ආණ්ඩුවේ පාසැල්වල ඉගැන්වීම් කටයුතුවලින් බැහැර වෙතින්. ඒ ඔවුන්ගේ වැටුප් වැඩි කරවා ගන්නට රජයට බල කිරීමටය. ගුරුවරයා වෘත්තීය සමිතිවල අතකොළුවක් වී තිබේ. ගුරු සංගම් නායකයින්ගේ පදයට නැටවෙන පිරිසක් බවට පත්ව තිබේ.

ගුරුවරු ඔවුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමට පෙළ ගැසෙති. ගුරුවරුන්ට ඔවුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ලබාගන්නා විට සිසුන්ගේ අයිතිවාසිකම් මේ ගුරුවරු විසින් කඩ කරනු ලැබේ.

සිසුන්ටත් ගුරුවරුන්ට මෙන් අයිතිවාසිකම් හිමිය. හොඳම නිදසුනක් ලෙස මෙයට වසර පහළවකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාග වූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගෙනහැර දැක්විය හැකියි. අධ්‍යයනය පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය උත්තරපත්‍ර ලකුණු කිරීම ගුරුවරු විසින් වර්ජනය කර තිබූ මෙම විභාගයකට පිළිතුරු ලියූ සිසුන් දෙදෙනෙක් තම දෙමාපියන් සමඟ නීති උපදෙස් පැතූහ. ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆ මහතා හමුවීමට ගොස් ගුරුවරු තමන්ගේ පිළිතුරු පත් පරීක්ෂා කිරීම ප්‍රතික්ෂේප කර වැඩ වර්ජනය කරමින් සිටින බව කීය.

නියමිත ලෙස වෙලාවට පිළිතුරු පත්‍ර නොබැලුවොත් අපට වෙලාවට ිභාග ප්‍රතිඵල නොලැබෙන බවත් ඔවුන්ට ඊළඟ පාඨමාලාවට අයදුම් කිරීම වසරකින් කල් දැමීමට සිදුවන බවත් ඔවුන් පෙන්වා දුන්හ.

මෙම කරුණුවලට සවන් දීමෙන් පසුව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ. එම පෙත්සම සලකා බැලූ මුල් දිනයේම වග උත්තර කරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි යැවීමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුවන්ටද උසාවියේ පෙනී සිටින ලෙස නියෝග කළේය.

මෙම නඩුවේ වග උත්තරකරුවන් ලෙස ගුරු සංගම් නායකයින් වන ජෝසප් ස්ටාලින්, මහින්ද ජයසිංහ, පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර හිමි සහ තවත් ගුරුවරු පිරිසක් නම් කර තිබුණි. ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු ලෙස එවකට සිටි සරත් එන් සිල්වා මහතා ප්‍රධාන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාග විය. තමන් පෙනී සිටි අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කර ලකුණු නොදැමීම වග උත්තරකරුවන් විසින් වළක්වා ගුරුවරුන් වර්ජනයට පෙලබවීම එනිසා ප්‍රතිඵල ප්‍රමාද වීම හේතුවෙන් තමන්ට සරසවි වලට යාමට ඇති අවස්ථාව ඇහිරෙන නිසා තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බවක් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆ මහතා අධිකරණයට කීය. නීතිපතිවරයාද කරුණු දැක්වීමෙන් පසු විත්තිකරුවන් පිරිස දින 14ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අගවිනිසුරු ප්‍රමුඛ මිනිසුරු මඩුල්ල නියෝග කළහ. පසුව වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන්ට සිදුවූයේ වගඋත්තරකරුවන් පිරිස රිමාන්ඩ් බන්ධනාගාර ගතවීම වළක්වා ගැනීමටය. වග උත්තරකරුවන්ගේ නීතිඥයින් කරුණු දැක්වීමෙන් පසු මුලින් දුන් නියෝගය ඉවත් කර එක් අයෙකුට රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප මත මුදා හරින ලෙස නියෝග කළහ. පසුව ඔවුන්ගේ නියෝජිතයින් ලවා මුදල් රැගෙන විත් තැන්පත් කර වග උත්තරකරුවන් පිරිස බේරාගත්හ.

අධිකරණ නියෝගයෙන් පසු උසාවියෙන් නික්ම ගිය වගඋත්තරකරුවන් වර්ජනය අතහැර උත්තර පත්‍රය ලකුණු කර මධ්‍යස්ථාන වල රාජකාරියට වාර්තා කළහ.

ගුරුවරයාට හිමි විය යුතු වැටුප් ලබාදීම රජයද වගකීමක් සහ යුතුකමකි. කෙසේ වුවද සිසුන් ප්‍රාණ ඇපයට ගනිමින් ගුරුවරුන් ගෙන යන වර්ජන ක්‍රියාමාර්ගද ලෙඩුන් ප්‍රාණ ඇපයට තබමින් වෛද්‍යවරුන් ගෙන යන වැඩ වර්ජනයද අමානුෂිකය.තම යුතුකම් ගැන නැවත සිතා බැලිය යුතු කාලයක අපි ජීවත් වන බව හැමදෙනාම මතක තබා නොගතහොත් නම් රට පෙරට ගෙනයා නොහැකි බව වටහා ගත යුතුය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan