පක්ෂ කැඩීම නොව කළයුත්තේ එකට ශක්තිමත්ව නැගී සිටීමයි – නාමල්

සටහන – රෂිකා හෙන්නායක ජූලි 06, කොළඹ (LNW):

පක්ෂ බෙදා වෙන්කොට අතීතයේදී මැතිවරණ ජයග්‍රහණය කිරීමට හැකි වුවත් වර්තමානයේදී එසේ කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.

මෙසේ පක්ෂ බෙදා වෙන්කිරීමෙන් මැතිවරණ ජයග්‍රහණය කිරීම යල් පැන ගිය උපක්‍රමයක් බවත් නාමල් රාජපක්ෂ කියා සිටී.

2019 දී පක්ෂයේ බෙදීම නිසා එක්සත් ජාතික පක්ෂයට උරුමවූ අන්ත පරාජය ගැන සිතා වැඩ කළ යුතුබවත් පක්ෂ බෙදීම නිසා සිදුවන්නෙ නියත මැතිවරණ පරාජයක් බවත් නාමල් රාජපක්ෂ පැවසීය.

තවද අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂද බෙදී යාමෙන් සීසීකඩ ගොස් ඇති බවද නාමල් රාජපක්ෂ පැවසූ අතර, කළ යුත්තේ පක්ෂ කැඩීම නොව එකට ශක්තිමත්ව නැගී සිටීම පමණක්ම බව නාමල් රාජපක්ෂ අවධාරණය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...

නාමල්ට එරෙහිව අධිචෝදනා!

කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ජනපතිගේ උණුසුම් සුබපැතුමට ලූලාගේ ස්තූතිය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපති ලුයිස්...