“සර්වජන බලය” උපායමාර්ගික වැඩපිළිවෙළෙ ජනගත කරයි!

Date:

කොළඹ LNW:“සර්වජන බලය දේශපාලන එකමුතුව, “සතුටු දැයක් – ව්‍යවසායකත්ව රාජ්‍යයක්” නිර්මාණය කිරීමේ සජ්ජන අරමුණ පෙරදැරි කරගත් තම “උපායමාර්ගික වැඩපිළිවෙළෙහි පළමු කෙටුම්පත” අද(06) ජනතා සංවාදය උදෙසා ඉදිරිපත් කරනු ලැබීය. මෙම සුවිශේෂී කටයුත්ත සිදු කරනු ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදීය.

මෙම “සර්වජන උපායමාර්ගික වැඩපිළිවෙළෙහි පළමු කෙටුම්පත” මගින් ජාතික ප්‍රමුඛතා 20ක් පෙන්වා දෙන අතර ඒවා ජයගත හැකි පරිදි “සතුටු දැයක් – ව්‍යවසායකත්ව රාජ්‍යයක්” ගොඩනඟන ආකාරය ජනතාව ඉදිරියේ තබයි. එසේම මෙම කෙටුම්පත මගින් අධ්‍යාපනය, සෞඛ්‍යය, පරිසරය, රාජ්‍ය පරිපාලනය සහ කළමනාකරණය, ජාතික ආරක්ෂාව, ආර්ථිකය, නූතන මූල්‍ය සම්පත් කළමනාකරණය, විදේශ සබඳතා, සමාජ සුබසාධනය, තාරුණ්‍යය, සංස්කෘතිය සහ කලාව, යුක්තිය, ක්‍රීඩාව, තාක්ෂණය, ජාතික සමඟිය, වැවිලි, කෘෂිකර්මාන්තය සහ පශු සම්පත්, කර්මාන්ත, නාවික, ගුවන් සහ අභ්‍යන්තර ප්‍රවාහන යටිතල පහසුකම්, ප්‍රවාහනය, දේශපාලන ප්‍රතිසංස්කරණ, ණය කළමනාකරණය යන ක්ෂේත්‍ර පිළිබඳව “සර්වජන බලය ප්‍රතිපත්තිමය දැක්ම” වෙන් වෙන් වශයෙන් ජනතා සංවාදය පිණිස ඉදිරිපත් කර තිබේ.

මෙම “උපායමාර්ගික වැඩපිළිවෙළෙහි පළමු කෙටුම්පත” ජනතා සංවාදය උදෙසා ඉදිරිපත් කිරීමේ අවස්ථාව අමතා මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ, යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ස්වාධීන මන්ත්‍රී සංසදය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය චන්න ජයසුමන, ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයකු වන ගාමිණී වලේබොඩ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී. වී .ඩී. තිලකසිරි යන සර්වජන බලය දේශපාලන එකමුතුවේ නායකයෝ අදහස් දැක්වූහ.

මෙම සුවිශේෂී අවස්ථාවට ඉහත පක්ෂ, ජාතික සංවිධානවල සෙසු නායකයෝ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු මහජන නියෝජිතයෝ ද ව්‍යවසායකයෝ, විද්වත් වෘත්තිකයෝ ඇතුළු දෑහිතකාමී පිරිසක් ද එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...